Sunday, November 22, 2015

VLC media player එකේ සිංහලෙන් වැඩ කරමු.

VLC media player එකේ සිංහලෙන් වැඩ කරමු.



මම අද කියලා දෙන්න යන දේ නම් හුගක් අය දන්නවා කියලා මම දන්නවා. එ්ත් නොදන්න අයත් එක්කෙනෙක් දෙන්නෙක් හරි අැති කියලා හිතලා තමයි මේ Post එක දාන්න හිතුවේ. ඉතින් අද මම කියලා දෙන්නේ අපි හැමොම දන්න VLC player එකේ සිංහලෙන් වැඩ කරන්නේ කොහොමද කියන එකයි.
ඔයාලා ගාව VLC media player එක නැත්තම් මෙතනින් ගිහින් එ්ක Download කරගෙන Install කරගන්න.
කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. පහලින් දාලා තියෙන විදිහට පියවරෙන් පියවර කරන්න.
  1. මුලින්ම VLC එක විවෘත කරගන්න
  2. දැන් ඉහලින් තියෙන Tools කියන එකේ තියෙන Preferences කියන එක ක්ලික් කරන්න. ( Ctrl + p එබුවත් හරි )
  3. දැන් විවෘත වෙන බොක්ස් එකේ තියෙන Interface Settings කියන එකේ තියෙනවා Menus language කියලා එකක්. දැන් එ්ක ඉස්සරහ තියෙන Menu එක ක්ලික් කරලා සිංහල කියන එක ක්ලික් කරන්න.

  4. දැන් පහලින් තියෙන Save බට්න් එක ක්ලික් කරලා VLC එක Restart කරන්න.

වැඩේ හරි. එහෙනම් අපි ගියා. තවත් වටින ලිපියක් එක්ක පස්සේ හමුවෙමු..........


No comments:

Post a Comment