හැමෝම කන්න ආස මාලු පාන් ගෙදරදීම රසවත්ව සාදා ගනිමු.
අවශ්ය දේ,
- පාන් පිටි 250g
- යීස්ට් 5g
- ලා උණු කිරි 100ml (වතුර 100ml දැම්මත් කමක් නෑ)
- සීනි 1 tbsp
- ලුනු ½ tsp
- බිත්තර 1
- බටර් 2 tbsp
- මැදට දැමීමට මාලු අල මිශ්රෙණයක්
සාදන ආකාරය:
• පිටි, යීස්ට්, සීනි, බඳුනක දමා මිශ්‍ර කර එයටම ලුනුද දමා මිශ්‍ර කරන්න.
• එයට කිරි, බිත්තර සහ බටර් දමා Dough එක (ගුලියක්) හදාගන්න. මෙය stand mixer එකකින් හදනවා නම් ඒකෙ බෝල් එකේම
මිශ්‍ර කරන්න.
• අතින් අනනවා නම් විනාඩි 15ක් knead කරන්න (අදිමින් නැවත ගුලි කරමින්
අනන්න). Stand mixer එකේ නම් medium speed විනාඩි 7-10ක් dough hook එක සවි කර knead කරන්න.
• ඇලෙන ගතිය ආවට පිටි වැඩිපුර දාන්න එපා.
• Dough එක තෙල් තැවරූ බාජනයක දමා තෙත රෙදි කෑල්ලකින් හෝ තෙල් ගෑ ඉටි කොලයකින් වසා
උනුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
• ඉන්පසු පිටි තැවරූ මතුපිටක dough එක දමා අතින් තලමින් වාතය ඉවත් කර
ගුලියක් සාදන්න.
• එය කෑලි 8කට කඩන්න.
• මේ කෑල්ලක් රවුමක් හැඩයට අතින් හදා ලෑල්ලක් මත තබා කොන් 3න් දිවක් වගේ
හැදෙන සේ තුනී කරන්න. රෝලින් පින් එකකින් තුනී කලා නම් ලේසියි. එවිට මැද ගණකම
ත්‍රිකෝණයක් හැදෙනවා.
• ත්රිකෝණය මැදට මාලු අල මිශ්රිණයෙන් ටිකක් දමා කොන් 3 නවා ගන්න. නවපු පැත්ත
යටට සිටින සේ තැටියක දමා තෙල් ගෑ ඉටි කොලයකින් වසා උණුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක්
වන තුරු තබන්න.
• ඉන් පසු පරිස්සමින් එය මතුපිට බිත්තර ගාන්න.
• 200oC (fan oven 180oC) රත් වූ oven එකක විනාඩි 15-20 පමණ (උඩ රන්වන් දුඹුරු පාට වන තුරු) බේක් කරන්න.
thanx
ReplyDeleteEla............
Delete