දැන් මොකටද මදුරු කොයිල්? පරිගණකයෙන් වැඩක් ගමු.. දුමත් නෑ, ගදත් නෑ, ප්‍රශ්නෙකුත් නෑ.
අද අපේ මාතෘකාව මදුරුවෝ ගැන. මදුරුවේ කිව්වාම ඉතින්
දැන් කස්ටියට මතක් වෙද්දිත් එපා වෙනවනේ. මට අද උදේ මේකට හරියන නියම විසදුමක්
තියෙන ලිපියක් හම්බ වුනා. ඉතින් මම හිතුවා අපේ මහ පාරට හැමදාම එන යන අපේ
යාළුවන්ටත් මේ ගැන කියලා දෙන්න ඔ්නේ කියලා. එ්ක නිසා ඉතාමත් අහිංසකව සතුටු
සිතින් පුංචි උපුටා ගැනීමක් කලා. එ් ලිපිය පහලින් දාලා තියෙනවා..
පරිගණක ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වෙනවනේ.. දවසින් දවස
අලුත් අලුත් දේවල් හොයා
ගන්නවා.. ඉතින් අදත් ගෙනාවෙ මේ වගේ අලුතින් සොයා ගත්ත Software එකක්. මාතෘකාව බැලුවම හිතනව ඇති මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා..
ඔන්න එහෙනම් විස්තර ඇතුව කියන්නම්කො..
මදුරුවො නිසා හරි කරදරේ නේද ? මදුරු
දගර තමයි විසදුම.. ඒත් එපා වෙනව දුම වගේම විෂ.. ඉතින් අද ගෙනාවෙ ඔය දෙකම නැති
මදුරු දගරයක්.. මේක කවදාවත් ඉවර වෙන එකක් නම් නෙමෙයි..
මේක අලුත්ම Software එකක්.. මේක නිර්මාණය කරල
තියෙන්නෙ මදුරුවො එලවන්න.. මේ Software එක තුලින් කරන්නෙ
දුම දාන එක නෙමෙයි.. ඒ වෙනුවට පුංචි Sound එකක් නිකුත්
කරන එක.. හැබැයි මේක අපිට ඇහෙන්නෙ නම් නෑ.. මොකද අපේ
කනට ඇහෙන සංඛ්‍යාත ගණනක් තියෙනව නේ.. ඉතින් ඊට වඩා
අඩු සංඛ්‍යාතයකින් තමයි මේ Sound එක හදල තියෙන්නෙ.. ඒත්
එක මදුරුවන්ටනම් හොදට ඇහෙනවලු.. ඒ සද්දෙ මදුරුවන්ට දරා ගන්න බැරි නිසා මදුරුවො මේ
සද්දෙට එන්නෙ නෑ කියල තමයි මේක නිර්මාණය කරපු අය කියන්නෙ.
පුංචි Software එකක්.. ඉතින් Try කරලම බලන්නකො.. ඔන්න පහළින් බා ගන්න එහෙනම්.. 6 MB තියෙන්නෙ.
Extract
Password - kanapitamart
ඔන්න Android තියෙන අය Android Apps එක පහළින් බා ගන්නකෝ..
·
මුළින්ම මේක ඔයාගෙ
පරිගණකයට Install කරගන්න.. File එක Open
කරද්දි Password එකක් ඉල්ලයි . ඒකට kanapitamart කියල දෙන්න..
·
දැන් Desktop එකේ තියෙන Anti Mosquito කියන එක Open කරගන්න.. එතකොට ඔය පහළ තියෙන window එක Open
වෙයි..
·
දැන් ඒකෙ
තියෙන Activate කියන එක ඔබන්න..
·
ඊළගට ඔය
පහල තියෙන විදියට Minimize කරල තියන්න.. එච්චරයි කරන්න
තියෙන්නෙ.. එහෙනම් Try කරල බලන්නකෝ..
මේ වගේම අලුත් දේවල් එක්ක ආයෙත් හමු
වෙමු..
සැ.යු. කනපිටමාට් වෙතින් උපුටා ගන්නා ලදී....
No comments:
Post a Comment