Monday, November 9, 2015

සද්ධර්මරත්නාවලිය - Saddharmarathnavaliya - ධර්මසේන

සද්ධර්මරත්නාවලිය - Saddharmarathnavaliya

                         ග්‍රන්ථ අතරින් සද්ධර්මරත්නාවලිය ඉතා වැදගත් ග්‍රන්ථයකි. සද්ධර්මය නමැති මැණික් ඇමිණූ මාලයයන අර්ථය සද්ධර්මරත්නාවලිය යන්නෙන් අර්ථ ගැන්වේ. එය ලියන ලද්දේ ධර්මසේන නම් යතිවරයෙකු විසිනි. සද්ධර්මරත්නාවලිය රචකයා ධර්මසේන හිමි බව කෘතියේ මෙසේ සඳහන් වේ.

සද්ධම්මට්ඨිති මිච්ඡන්තෝ
ධම්මසේන යතිස්සරෝ
ආකාසි පවරං ඒතං
සද්ධම්මරත්නාවලිං
මෙහි ලිහිල් අර්ථය මෙසේ ය.
                    සද්ධර්මයෙහි ස්ථිර පැවැත්ම කැමති වන ධර්මසේන නායක ස්වාමීන් වහන්සේ මේ උතුම් සද්ධර්මරත්නාවලිය ලියූහ.
ඒ අනුව සද්ධර්මරත්නාවලියේ කතුවරයා ධර්මසේන හිමි බව අවිවාදයෙන් ම පිළිගත හැකි ය.
                  ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කළේ ධම්මපදට්ඨ කථාව ඇසුරෙනි. ධම්මපදට්ඨ කථාව ඇසුරෙන් සද්ධර්මරත්නාවලිය ධර්මසේන හිමියන් රචනා කළ ද එහි ඇති ගැඹුරු පාළිය අත්හරිමින් සිංහල ගැමි ජනයාට ස්පර්ශ වන අයුරින් හුදෙක් ම ධම්මපදට්ඨ කථාවෙ පරිවර්තනයක් ලෙස නො ව, ස්වතන්ත්‍ර කෘතියක් වශයෙන් රචනා කිරීමට උන්වහන්සේ සමත් වී ඇත.
                 සද්ධර්මරත්නාවලිය රචකයා කෘතිය සඳහා ඉලක්ක කොටගන්නේ උගත් බුද්ධිමත් පාඨකයාව නො ව, නූගත් ශ්‍රාවකයා ය. පාළිය නො දත් පින්කමෙහි හැසිරෙන නූගත් ගැමියාට ධර්මාවබෝධය සඳහා සද්ධර්මරත්නාවලිය රචනා කෙරිණ.
                 “යම් කෙනෙක් නුවණ මඳවත්, කුසලච්ඡන්දය ඇතිවැ ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කමැ හැසිර නිවන් සාදා ගනිත් නම් එවන් වූ සත් පුරුෂයින්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලි නම් වූ ප්‍රබන්ධයක් කරම් හ.

මේ අනුව මඳ නුවණැති පින්කමෙහි හැසිරෙන ගැමියාගේ නිවන් අවබෝධය සඳහා සද්ධර්මරත්නාවලිය රචනා කළ බව පැහැදිලි ය.

No comments:

Post a Comment