තෝමස් අල්වා එඩිසන් ( Thomas alva edison )
තෝමස් අල්වා එඩිසන්
1847-02-03 දින එක්සත් ජනපදයේ ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ මිලාන් නුවර උපත ලැබීය.
ඉතා දිළිදු පවුලක උපත ලද බැවින් ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලැබිමට නොහැකි විය. ඔහු
ගිය පාසල ඔහුට මාස කිහිපයකින්ම එපා විය. එ් ඔහුට ඉගැන්වූ ගුරුවරයා ඔහු “තකතීරුවකු”
සේ සලකා ක්‍රියා කල බැවිණි. කවුරු කෙසේ කීවත් එඩිසන්ගේ මව තම පුත්‍රයා
හැදින්වූයේ ඉතාම බුද්දිමත් කුසලතා පිරි දරුවකු ලෙසයි. අැය ඔහුට හැකිතරමින් ගෙදරදී
පාඩම් කියා දුන්නාය. ඔහුගේ උනන්දුව යොමු වූයේ රසායන විද්‍යාව සහ බලශක්ති
නිෂ්පාදනය වැනි විශයන් වෙතයි.
ඔවුන් දෙවෙනි වරට පදිංචි වූ පෝටි හියුරන් නුවර
දුම්රියවල පුවත් පත්, රට කජු හා අලුත් මල්
විකිණීම කළ එඩිසන් තමන් ඉපැයූ මුදල් මහත් අරපිරිමැස්මෙන් හා ප්‍රයෝජනවත් ලෙස
වියදම් කළේය. ඔහු එම මුදල් වියදම් කර අලුත් පොත් පත්, සගරා, රසායන ද්‍රව්‍ය දාහක
(burners), පරීක්ෂණ නළ,
