Sunday, March 22, 2020

ලෝකයේ හොඳම ආදර සිහිවටනය ටජ්මහල කියලද හිතන්නේ..? එහෙමනම් ඒක තීරණය කරන්න කළින් මේ කතාව අනිවා කියවන්න

ලෝකයේ හොඳම ආදර සිහිවටනය ටජ්මහල කියලද හිතන්නේ..? එහෙමනම් ඒක තීරණය කරන්න කළින් මේ කතාව කියවන්න.

ඉන්දියාවේ තියෙන හොදම ආදර සිහිවටනය ටජ්මහල් කියලද හිතන්නේ…?නෑ..ඊටවඩා හරි අපුරු ආදර සිහිවටනයක් තියනවා ඉන්දියාවෙ.ඒක ගැඹුරුළිදක්..මේ පින්තුරේ තියෙන්නේ ඒ ලිද..


ඒ ගැඹුරු ලිද පතුලේ හැංගිච්ච ආදර කතාව තමයි මේ ලියන්නේ..මේ ලිද තියෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් වල..ක්‍රි.ව. 1499 දී.. ඒ කාලේදී මේ පලාතට කිව්වේ දන්දායි දේශ් කියලා..දන්දායි දේශපාලනය කලේ වීර් සිං කියල ප්‍රාදේශීය රජ කෙනෙක්..වීර්සිංමහාරාජාට උන්න හරිම ලස්සන බිසවක්..බිසවගේ නම රානීරුප්භා..වීර් සිං රජතුමා රානී දේවියට ගොඩක් ආදරේ කළා.රානී දේවියට වගේම වීර් සිං තමන්ගේ රටවැසියන්ටත් ආදරේ කළා..ඒ නිසා තමන්ගේ රටවැසියන් දුක් විදිනවට වීර් සිං කැමති උනේ නෑ.ඒ පළාතේ මිනිස්සුන්ට දුක් විදින්න තිබුන හේතුව තමයි වතුර හිඟකම..ගොඩක් උෂ්ණ පලාතක් උන නිසා මේ පළාතේ අයට නිතරම වතුර හිගයට මුණ දෙන්න සිද්ද උනා.ඒ නිසා වීර් සිං මහරාජා ඒ මිනිස්සුන්ගේ උවමනාවන් වෙනුවෙන් ගැඹුරු ළිදක් හදවන්න පටන් ගත්තා..
පඩි පෙල් ළිදක් තමයි ඒ ලිද..“මම මැරෙන්න ඉස්සර වෙලා මේ ලිද හදලා මගේ රට වැසියන්ගේ දුක නිවන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව දේවිය..” කියල රජතුමා නිතරම රානි රුප්භා දේවියටත් කිව්වා..මහා විශාල අඩි දහස් ගානක් ගැඹුරු ලිදක්නේ.. ඒ නිසා එක ලොකු ව්‍යාපෘතියක්..
වීර් සිං රජතුමාට ඒ විශාල ව්‍යාපෘතිය ඉවර කරන්න ලැබුනේ නෑ..ඒ පලාතට මුස්ලිම් ආක්‍රමණයක් ආවා..මුස්ලිමුන් හින්දු ගම බිම් ගිනිබත් කළා.. කෝවිල් බිමට සමතලා කළා..අන්තිමේදී වීර් සිං රජතුමාවත් මුස්ලිම් ආක්‍රමණිකයෝ මහා දරුණු විදිහට මරා දැම්මා.
ඒ මුස්ලිම් ආක්‍රමණිකයන්ගේ නායකයා මොහොමඩ් බෙග්දා කියන මුස්ලිම් පාලකයා.. මොහොමඩ් බෙග්දා දැක්කා වීර් සිං රජතුමාගේ ලස්සන බිසව.. රානී රුප්භාව..මොහොමඩ් බෙග්දා රානි දේවිගේ රූපයට වශී උනා.“රානි දෙවි මගේ බිරිද වෙන්න කැමති වෙනවා නම් මම ඔබව මේ පළාතේ රැජින කරන්නම්..” කියල මොහොමඩ් බෙග්දා දේවියට කිව්වා..මුලින් මේ යෝජනාවට තදින්ම අකමැති උන රානී දේවිය මොහොමඩ්බෙග්දාගේ පෙරැත්තය වැඩි වෙනකොට මෙහෙම කිව්වා..“හොඳයි මම ඔබේ බිසව වෙන්න කැමති වෙන්නම්.. හැබැයි දැන්ම නෙවෙයි.. මට එක පොරොන්දුවක් ඕන..”“කියන්න දේවිය.. ඔබ මගේ බිසව වෙනවා නම් මම ඕනෑම පොරොන්දුවක් වෙන්නම්..”
“මගේ ස්වාමියාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුනා.. මේ පළාතේ මිනිස්සුන්ට බොන්න වතුර දෙන්න ලොකු පඩිපෙල් ළිදක් හදන්න..
ඔහු ඒ ලිදේ වැඩ පටන් ගත්තා.. ඒත් ඒක ඉවර කරගන්න බැරි උනා.. මගේ ස්වාමියාගේ බලාපොරොත්තුව ඉටු නොකර මට තවත් කෙනෙක් එක්ක විවාහ වෙන්න බෑ.. ඒ නිසා.. ඔබ ඒ ලිදේ වැඩ කටයුතු ඉවර කරලා දෙනවා නම් මම ඔබේ දේවිය වෙන්න කැමති වෙන්නම්..හැබැයි මම ඔබේ දේවිය වෙන්නේ ඒ ලිද හදලා ඉවර උනාට පස්සේ”“හොදයි මම එක කරලා දෙන්නම්” මොහොමඩ් බෙග්දා පොරොන්දු උනා..
පොරොන්දු උන විදිහටම, රානී දේවි කියපු සැලසුම අනුවම මොහොමඩ් බෙග්දා ඒ ලිද හදල ඉවර කළා..අශ්ටාශ්‍රයක හැඩයට, හින්දු මෝගල් සංස්කෘතික අගයන් එකතු කරලා හදපු ඒ ලිද තට්ටු පහක් ගැඹුරුයි.ඉතින්..ලිද හදලා ඉවර වෙලා..මොහොමඩ් බෙග්දා රානී දෙවිව ලිද ලගට එක්කගෙන ආවා..“ඔන්න මම ලිද හදල ඉවර කළා.. දැන් ඉතින් මගේ බිසව වෙනවද..?”“මට ලිඳ බලන්න ඕනේ..” රානී දේවි කිව්වා..රානි දේවි ලිදේ හැම තැනම බැලුවා..හරි.. වීර් සිං රජතුමාට උවමනා වෙලා තිබුන විදිහටම හදලා තියනවා..රානි දේවි ලිදේ ඉහලම තට්ටුවේ ඉහලම පඩියට ගියා..හරිම සතුටින් ලිදට පැන්නා..එයාට ගොඩක් ආදරය කරපු වීර් සිං රජතුමා ගිය ලෝකයටම ගියා..
තමන්ගේ රට වැසියන්ට අසීමිතව ආදරය කරපු රජතුමායි රැජිනයි පිපාසය නිවා ගන්න මේ විශාල ලිදයි, හිත කීරි ගස්සවන ආදර කතාවක මතකයි ඉතිරි කරලා යන්න ගියා..මේ අපුරු ආදර සිහිවටනය අදත් ඉන්දියාවේ අහමදාබාද් වල තියෙනවා..ඒ තමයි අදලාජ්වැව් කියන පඩිපේලි ලිඳ..