Sunday, May 31, 2015

තෝමස් අල්වා එඩිසන් ( Thomas alva edison )

තෝමස් අල්වා එඩිසන් ( Thomas alva edison )

          තෝමස් අල්වා එඩිසන් 1847-02-03 දින එක්සත් ජනපදයේ ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ මිලාන් නුවර උපත ලැබීය. ඉතා දිළිදු පවුලක උපත ලද බැවින් ඔහුට විධිමත් අධ්‍යාපනයක් ලැබිමට නොහැකි විය. ඔහු ගිය පාසල ඔහුට මාස කිහිපයකින්ම එපා විය. එ් ඔහුට ඉගැන්වූ ගුරුවරයා ඔහු “තකතීරුවකු” සේ සලකා ක්‍රියා කල බැවිණි. කවුරු කෙසේ කීවත් එඩිසන්ගේ මව තම පුත්‍රයා හැදින්වූයේ ඉතාම බුද්දිමත් කුසලතා පිරි දරුවකු ලෙසයි. අැය ඔහුට හැකිතරමින් ගෙදරදී පාඩම් කියා දුන්නාය. ඔහුගේ උනන්දුව යොමු වූයේ රසායන විද්‍යාව සහ බලශක්ති නිෂ්පාදනය වැනි විශයන් වෙතයි.
            ඔවුන් දෙවෙනි වරට පදිංචි වූ පෝටි හියුරන් නුවර දුම්රියවල  පුවත් පත්, රට කජු හා අලුත් මල් විකිණීම කළ එඩිසන් තමන් ඉපැයූ මුදල් මහත් අරපිරිමැස්මෙන් හා ප්‍රයෝජනවත් ලෙස වියදම් කළේය. ඔහු එම මුදල් වියදම් කර අලුත් පොත් පත්, සගරා, රසායන ද්‍රව්‍ය දාහක (burners), පරීක්ෂණ නළ,
ෆ්ලාස්කු, බීකර අාදී මෙවලම් මිලට ගත්තේය. ඔහු තම නිවසේ ගෙබිම යට (Basememt) කුඩා පරීක්ෂණාගාරයක් තනාගෙන විවිධ අත්හදා බැලීම් වල යෙදුණි.
            දුම්රියවල රස කැවිලි, පුවත් පත් හා මල් විකුණන අතරේ දුම්රිය ස්ථානාදිපතිගේ විශ්වාසය දිනා ගත් ඔහු අංගනයේ තිබුනු පැරණි දුම්රිය මැදිරියක් තම කටයුතු සදහා ඉල්ලා ගත්තේය. එතුල කුඩා මුද්‍රණාලයක් පිහිටුවාගත් ඔහු සතිපතා පුවත් පත් මුද්‍රණය කොට විකුණුවේය. ඊට අදාල සියලු කටයුතු කරන ලද්දේ ඔහු විසින්මය. මෙම මැදිරිය පරීක්ෂණ සදහාද භාවිතා කල ඔහු අතින් දිනයක් ලොකු අත් වැරදීමක් සිදු වුණි. එනම් රසායන බදුනක් බිම වැටී මැදිරිය ගිනි ගැනීමයි. දුම්රිය අංගනයක ගින්නක් හට ගැනීම බරපතල දෙයක් සේ සැලකූ ස්ථානාධීපති තෝමස්ට දුම්රියේ වෙළදාම් කිරීම හා දුම්රිය අංගනයට පිවිසීම තහනම් කළේය.
                තෝමස් නිරන්තරයෙන් දුම්රිය ස්ථානයේ ගැවසුන අවදියේ දුම්රියට යටවීමට ගිය කුඩා දරුවකු බේරා ගත්තේය. එදා එ් දරුවාගේ පියා ඔහුට ස්තුති කොට කවදා හෝ අවශ්‍යතාවයක් වූ විට නොපැකිළී තමන් වෙත එන ලෙස කියා තිබුණි. අසරණ තත්වයට පත්ව සිටි තෝමස් එ් මහතා හමුවූයේය. එ් මහතා වහාම කලේ එහුට ටෙලිග්‍රාෆ් කාර්යාලයක සුළු රැකියාවක් ලබා දීමයි. ඔහුට එම රැකියාව හරියට හරි ගියේය. එ් ඔහු ටෙලිග්‍රාෆ් ක්‍රමය ගැන පොත පත කියවා තිබුනු බැවිණි. එම සමාගමේ ඉංජිනේරු  ධූරයක් දක්වා ඉක්මණින් ඉහල නැගීමට ඔහුට හැකි වූයේ දිවා රාත්‍රී නොබලා තමන් නියුතු ක්ෂේත්‍රය පිළිබදව හැදෑරූ හෙයිනි. එ් ක්ෂේත්‍රයට නව දායක වීම් කල බැවිනි.
            තෝමස් 1868 වර්ෂයේ ඡන්ද ගණන් කරන යන්ත්‍රයක් නිපදවීය. 1869 වර්ෂයේ විදුලි ඉංජිනේරු සමාගමක තාක්ෂණික හවුල්කරු වූයේය. මෙම තනතුරේ සේවය කරද්දී එම අායතනය ගනුදෙනුකරුවන් හා අන්‍ය වෙළද අායතන සමග සිදු කළ සන්නිවේදනය කටයුතුවල විශාල තාක්ෂණික වෙනස්කම් අැති කළේය. අායතනයට ලැබෙන අැණවුම් (Orders)  ඉබේ ලේඛනයක සටහන් වීමේ ක්‍රමය ඉන් එකකි. ඔහු එ් සදහා ඩොලර් 4000 ක් පමන මුදලක් බලාපොරොත්තුව සිටියදී ඔහුට ඩොලර් 40000 ක් ලැබිණ. මේ කාලය තුලදී ඔහු ගිය වැදගත් අායතන වල විවිද යන්ත්‍ර සූත්‍ර අක්‍රීයව, කිසිවෙකුට අක්‍රීය වූ හේතුව සොයා ගත නොහැකිව තිබියදී ඉතා නිහතමානීව ඉදිරිපත් වී එ්වා පරීක්ෂාකොට යථා තත්වයට පත්කල බැව් වාර්තා වේ.
            කාලයක්ම නිවුයෝක් ටෙලිග්‍රාෆ් සමාගමා් ඉහල තනතුරක් දරමින් සිටි එඩිසන් නිව්ජර්සි ප්‍රන්තයේ, නියුවක් (Newark) හා මෙන්ලෝ පාක් (Menlow park) දෙනුවර තමන්ගේ කර්මාන්ත ශාලා අාරම්භ කළේය. එඩිසන්ගේ සුප්‍රකට නිශ්පාදන රැසක්ම කරන ලද්දේ මෙන්ලෝ පාක් හි කර්මාන්ත ශාලාවා්දීය. කාබන් සම්ප්‍රේෂකය, ශබ්දවාහිනිය, තාපදිප්ති විදුලි බලය හෙවත් සූත්‍රිකා සහිත සාමානය විදුලි බුබුල, සිනමා සම්ප්‍රේෂකය (Projector), ෆෝනෝග්‍රෆ් යන්ත්‍රය හා ග්‍රැමෆෝනය එ්වායි. ඔහු නිපදවන ලද පේටන්ට් අයිතිය හිමිකරගත් නව නිෂ්පාදන සංඛ්‍යාව අති විශාලය. එඩිසන් අාවරණය යනුවෙන් අද හැදින්වෙන සුප්‍රකට විද්්‍යුත් සංසිද්දිය අනාවරනය කරන ලද්දේ ඔහු විසිනි.
            විසිවන සියවසේ නව නිෂ්පාදන අංශයෙන් ප්‍රතම ස්ථානය දිනාගත් තෝමස් අල්වා එඩිසන් ජනාධිපතිවරුන්, මහා ධනවතුන්, මහා ව්‍යාපාරිකයන් හා සම්භාවනීය විද්වතුන් අාදීන්ගේත් සාමාන්‍ය මහ ජනතාවගේත් ඉමහත් ගෞරවයට පාත්‍ර විය. ඔහුට අනන්ත අප්‍රමාන පදක්කම් ස්වර්ණ මුද්‍රිකා හා ගරු නම්බු ලැබිණි. ඔහු එ් සියල්ල ලැබීමට සුදුස්සෙකු වූයේ නොපසුබට උත්සාහය, කැපවීම හා අවංකකම නිසයි. තෝමස් අල්වා එඩිසන් නම් මේ අපූරු මිනිසා 1931-10-18 වන දින පරලෝ සැපත් විය.
           





1 comment: