Monday, November 9, 2015

ධර්ම ප්‍රදීපිකාව - Dharma pradeepikava

ධර්ම ප්‍රදීපිකාව - Dharma pradeepikava

                    සිංහල ගද්‍ය සාහිත්‍යයේ පරිකථා ගණයෙහි ගැනෙන පළමු වැන්න සේ හඳුනා ගත හැකි ව ඇති කෘතිය නම් ධර්ම ප‍්‍රදීපිකාවයි. ධර්මප‍්‍රදීපිකාව යනු එක් වස්තු විෂයයක් අරබයා ලියැවුණු ගද්‍ය කාව්‍යයක් නො වේ. පද සහ වාක්‍ය ඛණ්ඩ විග‍්‍රහ කොට පහදා දීමේ අරමුණෙන් ලියන ලද්දකි. එහෙත් එය සන්න, ගැටපද විවරණ ගණයට අයත් වන්නේ ද නැත. ඒවාට වඩා පුළුල් ලෙසින් අර්ථ වර්ණනා කෙරෙන බැවිනි. ඒ අනුව සවිස්තර පැහැදිලි කිරීම් සහිත පවත්ය යන අරුතින් ඊට පරිකථායන්න යෙදී තිබේ.
                ධර්මය දැක්මට එළිය දෙන පහන යන අර්ථය දෙමින් ධර්මප‍්‍රදීපිකානම් ග‍්‍රන්ථ නාමය සකස් වී ඇති බැව් පැහැදිලි ය. මෙකී ග‍්‍රන්ථ නාමය පමණක් නො ව පරිකථා යන්න ද කතුවරයාණන් විසින් ම යොදන ලද බැව් ග‍්‍රන්ථාවසානයෙහි එන වැකියෙන් අනාවරණය වේ. ගුරුළුගෝමින් විසින් කරන ලද ධර්මප‍්‍රදීපිකා නම් මහාබෝධිවංශ පරිකථා නිමි යනුවෙන් වූ ඒ පාඨයේ තවත් වැදගත් කරුණු කීපයක් සටහන් වේ. එනම්, ධර්මප‍්‍රදීපිකාව යනු මහාබෝධිවංශයට කළ පරිකථාවක් බව පමණක් නො ව එහි කතුවරයාණන් ගුරුළුගෝමිනමැති පඩිවරයා බව යි.
උපතිස්ස හිමිපාණන් විසින් කරන ලද්දා වූ පාලි මහා බෝධිවංශයෙන් තෝරා ගත් පද 205 කට විස්තරාර්ථ කෙරෙමින් ධර්ම ප‍්‍රදීපිකා පරිකථාව ලියැවී ඇත. පාලි ග‍්‍රන්ථයේ මුලින් ම එන යස්ස මූලේ නිසින්නොවයන ගාථාවේ යස්සයන්න විග‍්‍රහ කරමින් විවරණය ආරම්භ කොට ඇත. වැකියකින් දෙකකින් හෝ ඡේදයකින් හෝ අරුත් පැහැදිලි කෙරෙන අවස්ථා වෙතොත් ඒ ඉඳහිට ය. කිසියම් පදයක් විග‍්‍රහ කිරීමේ දී විග‍්‍රහයෙන් ඉස්මතු වන අනුකරුණු ද නැවත විග‍්‍රහ කරමින් විවරණය පරිපූර්ණ කිරීමට ගුරුළුගෝමීහු සිය දැනුම භාවිතා කර අැත. සමහර විටක පාලි භාෂාවෙන් ම විස්තර විග‍්‍රහ දක්වා අැත. ඇතැම් තැනක දී සංස්කෘත - සිංහල මිශ‍්‍ර භාෂා ව්‍යවහාරයන් පවා උපයෝගී කොට ගෙන ඇත.

ධර්ම ප‍්‍රදීපිකාව සිංහල භාෂා සාහිත්‍යයේ ප‍්‍රවර්ධනයට බල පෑ ප‍්‍රදීපිකාවක් බඳු වූ මුල්පොතකි. එසේ ම අගනා කෝෂ ග‍්‍රන්ථයකි.

No comments:

Post a Comment