Sunday, November 8, 2015

Buthsarana - බුත්සරණ - විද්‍යාචක‍්‍රවර්ති

බුත්සරණ - Buthsarana ( විද්‍යාචක‍්‍රවර්ති )

           පැරැණි සිංහල සාහිත්‍ය කෘති අතුරෙහි එන අගනා ගද්‍ය කාව්‍යයක් ලෙස බුත්සරණ හැදින්විය හැකිය. මේ ග‍්‍රන්ථය ලියැවුණු කාලය නිශ්චිත ව හඳුනා ගත නො හැකි වුව ද භාෂා විලාසය ආදී වූ කරුණු අනුව දඹදෙණි යුගයේ දී ලියැවෙන්නට ඇති බැව් පිළිගැනේ.
         කාල වකවානුව කෙසේ වෙතත් කතුවරයාණන් පිළිබඳ පැහැදිලි සටහනක් ග‍්‍රන්ථාවසානයේ දකින්නට පිළිවන. විද්‍යාචක‍්‍රවර්තීන් විසින් කළ අමෘතාවත නම් බුද්ධ චරිතය නිධියන එකී පාඨයෙන් කරුණු කීපයක් ම අනාවරණය වේ.
එනම්, කතුවරයාගේ නාමය, විද්‍යාචක‍්‍රවර්ති බවත් කතුවරයා මේ ග‍්‍රන්ථයට තැබූ නාමය අමෘතාවතබවත් කතුවරයාගේ අභිප‍්‍රායය වූයේ බුද්ධ චරිතය වර්ණනය කිරීම බවත් යන කාරණා ය.
        අමාව පැමිණවීම හෙවත් අමා රසය ගෙන දීම යන අර්ථය පළ කරමින් අමෘතාවත (අමෘත+ආවත) යන ග‍්‍රන්ථ නාමය යෙදී ඇත්තේ ය. එහෙත් එකී නාමය හෝ බුද්ධ චරිතය යන්න හෝ ව්‍යවහාර නො වී බුත්සරණ යනුවෙන් මේ කෘතිය ප‍්‍රචලිත ව පවත්නේ මෙහි සෑම ග‍්‍රන්ථාංශයක් අවසානයෙහි ම කියැවෙන බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතුයන පාඨය හේතු කොට ගෙන ය.
       මේ අනුව කතුවරයා අප‍්‍රමාණ වූ බුද්ධ භක්තියෙන් යුක්ත ව බුදුන් සරණ යෑමේ උතුම් බව ප‍්‍රකට කරමින් ග‍්‍රන්ථය රචනා කොට ඇති බැව් පැහැදිලි වේ. ඒ අනුව ග‍්‍රන්ථකරණය උදෙසා අරමුණු වී ඇත්තේ බුදුරදුන් කෙරෙහි වූ අපරිමිත ශ‍්‍රද්ධාවත් ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ මහිමය උවසු උවැසියන් වෙත පහදා දීමේ කරුණාධ්‍යාශයත් බව සිතිය හැකිය. ඒ හැරුණු විට මේ සඳහා වූ වෙනත් ආරාධනයක් හෝ බාහිර පෙලැඹවීමක් හෝ සඳහන් නො වේ.
       බුත්සරණ යනු සරණ ග‍්‍රන්ථත‍්‍රයේ ප‍්‍රථම ග‍්‍රන්ථය යි. එය අමෘතාවත ප‍්‍රථම භාගය ලෙස ද ඇතැම්හු සලකති. බුත්සරණ යා යුතුයනුවෙන් අවසන් වන ඡේද හෝ කථාවස්තු හෝ සංඛ්‍යාව ගෙන බලද්දී මේ කෘතිය ග‍්‍රන්ථාංශ 481 කින් සමන්විත වන්නේ ය. එහෙත් ඒ හැම කොටසක් ම එක හා සමාන නො වේ. ඇතැම් කොටසක් එක් වාක්‍යයකින් හෝ ඡේදයකින් හෝ අවසන් වෙද්දී ඇතැම් කොටසකට අති දීර්ඝ විස්තරයක් අන්තර්ගත ය.
      බුත්සරණ ආරම්භ වන්න් සුවයෙහි මිහිරි දන්නා, දුක්හි දැඩිකම් දන්නා, සදෙව්ලොවෙහි සැපක් අයත්නයෙන් විඳුනා කැමැති, බුදු පසේබුදු මහරහතුන් විඳි නිවන්පුර වැදැ සැනසෙනු කැමැති, නිරෑහි නම් නො අසනු කැමැති, තිරිසන් යෝනියෙහි හකුල් හෙලනු කැමැති, පෙ‍්‍ර්ත වැ වින්ද යුතු වසම් පිටු දන්නා කැමැති...ආදී වශයෙන් වූ දීර්ඝ ඡේදයකිනි. එයින් ම කතුවරයාගේ බස හැසිරවීමේ විලාසයත්, ඔහුගේ ධර්ම දේශනා රීතියත්, ග‍්‍රන්ථ රචනයෙහි අභිප‍්‍රායයත් වැනි බොහෝ කරුණු වටහා ගැනීමට හැකි වේ.
         බුදුසරණයන්න නිරන්තරයෙන් බුත්සරණයනුවෙන් ම යෙදීම මේ කෘතියෙහි එන විශේෂ ලක්ෂණයකි.
       බුත්සරණ අනෙකුත් ධර්ම ග‍්‍රන්ථ මෙන් සම්පූර්ණ පරිවර්තන ලීලාවෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් නො වේ. එහෙත් මේ රචනාව උදෙසා පාලි අට්ඨකථා බෙහෙවින් මූලාශ‍්‍රය කොට ගෙන තිබේ.

       ග‍්‍රන්ථයේ අවසාන කොටස වූ වෙස්සන්තර ජාතක පුවත මේ අරමුණ මත කුමන හේතුවකින් ඇතුළත් කළේ ද යන්න පැහැදිලි නොමැති කරුණකි. ඇතැම් විට ඒ කොටස පසු කාලයක එකතු වූවා දැයි සැක පහළ වේ.අමාවතුර වැනි ග‍්‍රන්ථවල ලුහුඩින් දක්වන ඇතැම් දෑ සවිස්තර ව වර්ණය කිරීම බුත්සරණේ දැක්වෙන විශේෂ ලක්ෂණයකි. බුත්සරණ පැහැදිලි වූත් මිහිරි වූත් භාෂා විලාසයකින් කරුණු පහදා දෙන ධර්ම ග‍්‍රන්ථයක් මෙන් ම රසයෙන් පරිපූර්ණ සාහිත්‍ය ග‍්‍රන්ථයක් ද වේ.

3 comments:

  1. Stainless Steel Magnets - titanium arts
    Ironing the Stainless 출장샵 Steel Magnets (4-Pack). Made in Germany. The Titanium Arts Stainless Steel Magnets are an gri-go.com alloy titanium earrings made of steel in stainless 바카라 사이트 steel novcasino

    ReplyDelete