Sunday, November 22, 2015

Facebook හැකින් වලින් බේරෙන්න මේ ගැන දැනුවත් වෙන්න.

Facebook හැකින් වලින් බේරෙන්න මේ ගැන දැනුවත් වෙන්න.




                     මමත් net එකේ එහා මෙහා පීනන කොට තමයි මේ ලිපිය හම්බ වුනේ. ඉතින් මේ ලිපිය ගොඩක්ම වටින එකක් හින්දා අහිංසකව උපුටා ගැනීමක් කලා. මුලින්ම එ් ගැන සමාව ඉල්ලනවා. ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද කියන එක ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක්.. ඇත්තටම ඒක කරන්න පුලුවනිද ? පුලුවන් මේ ලෝකෙ බෑ  කියලා දෙයක් නැහැනේ.. ඒත් ඒක ඔය කට්ටිය කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නම් නෙමේ..
ඒ උනාට අලුත්ම ප්‍රවණතාවය වෙන්නේ Facebook භාවිතා කරන Users ලගේ දුර්වලතා බලලා Facebook User Hack කරන එක.. ඉතින් අපි එ්කෙන් බේරෙන්නත් ඔනි.......

ගොඩක් අය හිතන් ඉන්නේ හොද Virus Guard එකක් දැම්මම හැමදේම හරි කියලා.. ඒ අය අහලවත් නැතුව ඇති Keylogger, Malware, Bot වගේ දේවල් ගැන.. ඉතින් Virus Guard පවා Bypass කරලා වැඩ්ඩො ගේම ගහනවා. ඒ නිසා Virus Guard වල පිහිටම පතලා හරියන්නේ නෑ.. ඉතින් මේ ගැන පොඩ්ඩක් කියනවනම් Virus Guard එකකින් Virus අල්ලන ක්‍රම දෙකක් තියෙනවා.. ඒ,

1.Heuristic detection
2.Hash Comparing

අපේ යාලුවන්ට දැනුමටත් එක්ක මේ ගැනත් පොඩ්ඩක් කියන්නම්. මේකෙදි Heuristic detection කියන්නේ Virus Guard එකට සැක හිතෙන විදියට වැඩ කරන Process එක නවත්වන එක.. ඒ වගේම Hash Compaaning කියන්නේ Virus Guard එකේ Database එක තුළ අඩංගු MD5 අගයට Scan කරපු Virus එකේ MD5 අගයට සමාන නම් Threat විදියට අදුන ගෙන Quaranitine කරන එකයි.. ඒ කියන්නේ මේකෙදි Scan කරන File එකේ MD5 අගය Calculate කරලාVirus Guard එකේ Database එකත් එක්ක Compare කරන එකයි.. තේරුනාද මන්දා ? තේරුනා නම් හොදයි.. නැත්නම් ඒත් අව්ලක් නෑ.. තේරුනා වගේ ඉන්න..

ඒ ටික අපේ යාලුවන්ට දැනගන්නත් එක්කයි කිව්වේ.. දැන් අපේ Facebook Hacking Post එකට බහිමුකෝ..

ඔබේ Facebook ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාලට පහත පියවර අනුගමනය කරන්න පුලුවන්..


ශක්තිමත් මුරපදයක් යොදාගැනීම

ඔයාගේ Facebook මුරපදය වෙන කෙනෙකුට අනුමාන කරන්න බැරි ශක්තිමත් එකක් වෙන්න ඕනි. ඒ සදහා Letters, Numbers, Symbols භාවිතා කරලා අවම අකුරු 8 කින් යුක්ත හොද Password එකක් දාගන්න..

Facebook Login Alerts
පහසුකම සක්‍රීය කරගන්න..

මේ සදහා ඔබේ Facebook ගිණුමේ Settings යටතේ Security Settings වලට ගිහින් Edit කරගන්න..මේක දාගත්තම වෙනත් Browser එකකින් Log උනානම් එවෙලෙම Nortification Massage එකක් එනව ඔයාගෙ Email එකට හා Phone එකට..

Login Approvals
දාගන්න.

මෙතනදි ඔයාගේ Mobile Number එක දෙන්න. ඊට පස්සෙ ඔයාට Code එකක් එනවා. ඒ Code එක දීලා Submit කරන්න.. ඊට පස්සෙ ඉතින් වෙන කෙනෙක් ඔයාගෙ Email, Password දැනගෙන Log වෙන්න හැදුවත් වැඩක් නෑ.. ඔයාගෙ Phone එකට එවන Security Code එක නැතුව Log වෙන්න බෑ..

Trusted Contacts
දාගන්න.

මෙතනදි ඔයාට විශ්වාස Facebook මිතුරන් 5ක් ‍තෝරල දෙන්න පුලුවන්. ඊට පස්සෙ කවුරු හරි ඔයාගෙ Password එක Recovery කරන්න හැදුවොත් ඔයා ‍තෝරල දුන්න 5 ස් දෙනාට Code එකක් යවනවා.. ඔයා මේ Code 5 න් 3ක් හරියට දැනගන්න ඕනි.. නැතුව Password Recovery කරන්න බෑ.. ගොඩක් වෙලාවට මේකට යොදාගන්නෙ Security Quastion එකක්.. ඊට වඩා මේ ක්‍රම ආරක්ෂිතයි.. ඒ විතරක් නෙමෙ.. හැමෝම Hack කරන්න මුළින්ම Try කරන්නේ Password එක Recovery කරගන්න පුලුවන්ද කියලා බලන එකයි.. වාහනයක් උනත් ඉස්සරහට යනවා වගේම පස්සටත් ගන්න පුලුවන් නේ.. ඔයාගෙ  Account එකත් මේ විදියට පස්සට ගත්තොත් ඉවරයි.. ඒ නිසා මේක ගොඩක් වැදගත්..

Link Click
නොකිරීම

Facebook
තුළදී යම් යම් පුද්ගලයන් විසින් අපට පෞද්ගලිකව Massage මගින් එවන Links Click නොකිරීම

මීට අමතරව Apps Password හා Code Generatorඑකක් දෙන්නත් පුලුවන්..

ඉතින් මෙන්න මේ විදියට පුලුවන් ඔයාගේ Facebook Account එකේ ආරක්ෂාව දැඩි කරලා ඔයාගෙ Facebook එකේ අයිතිය වෙන කෙනෙක් අතට යන එක වලක්වන්න..

සියල්ලන්ගේම දැන ගැනීම පිණිස කනපිටමාට් වලින් උපුටා ගන්නා ලදී...


No comments:

Post a Comment