Sunday, November 8, 2015

App එකකින් නොමිලේම අපේ පෙනුම ලස්සන කරගමු.

App එකකින් නොමිලේම අපේ පෙනුම ලස්සන කරගමු.



පරිගණකයෙන් උසස් මට්ටමේ ෆොටෝ එඩිටින් වැඩ කරනවනම් photoshop, gimp වැනි විශේෂ වැඩසටහනක් ඉන්ස්ටෝල් කරගන්න ඔ්නේ. නමුත් අැන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරි අැපල් මෙහෙයුම් පද්ධතිය හරි තියෙන දුරකතන හෝ ටැබ්ලට් වලින් උසස් මට්ටමේ ෆොටෝ එඩිටින් වැඩ කරනවනම් නොමිලේ දෙන මොබයිල් අැප්ස් යොදා ගන්න පුළුවන්.
ඉතින් මම මේ ලිපියෙන් අද ඔයාලට කියල දෙන්න හදන්නේ ලොව ප්‍රකට ෆොටෝ එඩිටින් අැප්ස් අතරින් මුහුනක ඡායා රූපයක් විවිද ක්‍රමයට හැඩගන්වා ගැනීමට යොදාගන්නා අැප්ස් කිහිපයක් භාවිතා කරන අාකාරය පිලිබදවයි.

පර්ෆෙක්ට් 365 (Perfect365)


පර්ෆෙක්ට් 365 (Perfect365) හි තියෙන විශේෂත්වය වෙන්නෙ මෙම app එක පාවිච්චි කරලා මුහුණක ඡායාරූපයක් ඉතා සුමට ලෙස සංස්කරණය කරන්න පුළුවන් වීමයි. මේ app එක පහල තියෙන link එකෙන් free download කරගන්න පුළුවන්. http://perfect365.arcsoft.com එහෙම නැත්තම් google play store එකෙනුත් අරගන්න පුළුවන්. මේ app එකෙන් photo එකක මුහුණක අැති අදුරු තැන් සහ ලප ඉවත් කරලා පෙනුම මට සිළුටු කර ගන්න පුළුවන්. photo එකේ ඉන්න කෙනාගේ මුහුණෙහි සිනාව අඩු වැඩි කරලා ප්‍රසන්න පෙනුමක් දක්වා දියුනු කරගන්න පුළුවන්.එ් වගෙම නාසයේ පෙනුම හොද අතට වැඩිදියුනු කිරීම, සිනාව එක්ක ඊට ගැලපෙන විදිහට කම්මුල්වල පෙනුම සැකසීම වැනි වැඩ මේ app එකෙන් කරන්න පුළුවන්. මෙම අැප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මුලින්ම erfrct365 තිරය විවෘත වෙනවා. එ්කෙ තියෙන බට්න් වලින් take photo බට්න් එක ක්ලික් කරලා photo එකක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් photo gallery කියන එක හරහා ගිහිල්ලා phone එකේ හරි tab එකේ හරි තියෙන photo එකක් විවෘත කරගන්න පුළුවන්. photo එක විවෘත වුනාට පස්සේ එ් එක්ක ලැබෙන තිරයේදී මුහුණේ විශේෂ ලක්ෂ්‍ය ලකුණු කරලා සංස්කරණය අරඹන්න පුළුවන්. එ්කට අාදර්ශනයක් තිරයේ දකුණු පැත්තේ ඉහලින් පෙන්නනවා. මෙහෙම ලකුණු කලාට පස්සේ පහළ දකුණු කෙළවරේ තියෙන හරි ලකුණ තියෙන බට්න් එක ක්ලින් කරන්න ඔ්නේ. photo එක සකස් කිරීමට අදාල තිරය විවෘත වෙන්නේ එතකොටයි. දැන් එකේ පහලින් තියෙන අයිකන් භාවිතා කරමින් ඡායාරූපයේ වෙනස්කම් පහසුවෙන් කරගන්න පුළුවන්. මෙම මූලික සංස්කරණ වැඩ කළ අාකාරයට වඩා සංකීර්ණව වෙනස්කම් කිරීමට ඔ්නේ නම් තිරයේ වම් පැත්තේ පහලින් තියෙන Edit බට්න් ක්ලික් කරන්න ඔ්නේ. එතකොට තිරයේ වම් පැත්තෙන්  විවිද මාතෘකා තියෙන මෙනුවක් මතු වෙනවා. එමගින් මුහුණේ හැඩය වෙනස් කරගන්න අවශය නම් face යන්න ලබා දෙන්න ඔ්නේ. එතකොට මුහුණේ මහත අඩු කිරීම, නාසයේ හැඩය වෙනස් කිරීම වැනි දේවල් කරන්න පුළුවන්. අවසානයේදී Save බට්න් එක තද කරලා photo එක සේව් කර ගන්න පුළුවන්.

මොඩිෆේස් මේකප් (Modiface make up)


මොඩිෆේස් මේකප් (Modiface make up) app එක හදුන්වන්නේ වර්චුවල් මේකප් අැප් එකක් වශයෙන්. එ් කිව්වේ මුහුණක ඡායාරූපයක් අරගෙන එ්කට රූපලාවනය අංග එක් කරමින් මුහුණ හැඩගැන්වීමට මෙම app එක යොදා ගන්න පුළුවන්. මේ app එක පහල තියෙන link එකෙන් free download කරගන්න පුළුවන්. http://modiface.com/mobile.php එහෙම නැත්තම් google play store එකෙනුත් අරගන්න පුළුවන්. මේ app එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ තිරයේ වම් පැත්තේ පහලින් තියෙන new photo කියන බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය photo එක තෝරගන්න. photo එකක් තෝරගත්තට පස්සේ දකුණු පැත්තේ පහල කෙළවරේ තියෙන වෘතාකාර මෙනුව භාවිතා කරලා මේකප් කරන්න අවශය අංගය තොරාගන්න ඔ්නේ. ඊට පස්සේ එන සබ් මෙනු එකෙන් අවශය විධානය තෝරගෙන ඊට අදාල වෙනස්කම් කරන්න පුළුවන්. මේකෙ තියෙන lips කියන එක තේරුවොත් ඡායාරූපයේ තොල් හැඩගන්වන්න පුළුවන් ටූල්ස් ලබා දෙන එක උදාහරණයකට ගන්න පුළුවන්. මේ විදිහට photo එකේ සියළුම අංග වෙනස් කරමින් එය හැඩ ගන්වන්න පුළුවන්. මේ සියල්ල කලාට පස්සේ පහළින් තියෙන Finalize කියන බට්න් එක ක්ලික් කරන්න ඔ්නේ. ඊටත් පස්සේ Save බට්න් එක ක්ලික් කරලා photo එක save
කරගන්න පුළුවන්.

ෆෝටෝලර් ෆොටෝ ස්ටූඩියෝ (Fotorlr photo studio)


ෆෝටෝලර් ෆොටෝ ස්ටූඩියෝ (Fotorlr photo studio) යොදාගෙන වුනත් photo එකක් ලේසියෙන්ම සංස්කරනය කරන්න පුළුවන්. photo වලට ඉෆෙක්ට්ස් යොදන්න, photo වලට make up දාන්න, photo album සැකසීම මෙන්ම ට්විටර් සහ ෆේස් බුක් සමග photo share කිරීම වුනත් Fotorlr photo studio යොදාගෙන කරන්න පුළුවන්. මේ app එක පහල තියෙන link එකෙන් free download කරගන්න පුළුවන්. www.fotolr.com/psd/index.html එහෙම නැත්තම් google play store එකෙනුත් අරගන්න පුළුවන්. ෆෝටෝලර් ෆොටෝ ස්ටූඩියෝ app එක ඉන්ස්ටෝල් කරගෙන විවෘතකර ගත්තට පස්සේ මුලින්ම විවෘත වෙන තිරයෙන් ඡායාරූප සංස්කරණය සදහා තෝරා ගත යුතු වෙන්නේ edit a pic යනනයි. දැනටමත් photo එකක් නැත්තම් ඔයාලගේ phone එකේ කැමරාවෙන් photo එකක් අරගෙන එ්ක තෝර ගන්නත් පුළුවන්. එහෙම photo එක තෝරලා දුන්නහම තිරයක් විවෘත වෙනවා. photo එක සංස්කරණය කිරීමට අදාල විවිධ ටූල්ස් එ් තිරයේ පහලින් මතු වෙනවා. ඉතින් මෙම ටූල්ස් යොදාගෙන photo එකේ වර්ණ සැකසීම, රූපය කැපීම, රූපය සදහා ෆ්‍රේම් යෙදීම, මේකප් යෙදීම, විවිධ මෝස්තර අැහි බැම සහ කොන්ඩා යෙදීම වගේ දේවල් කරන්න පුළුවන්.photo එකේ අදුර අඩු කරලා එය පැහැදිලි කරලා පෙන්නන්න විශේෂ උපක්‍රමයක් තියෙනවා. එ් සදහා clarity කියන ටූල් එක තෝර ගන්න ඔ්නේ. එතකොට ලැබෙන මෙනුවෙන් කාලගුණ තත්වයක් හෝ වෙනත් මාතෘකාවක් තෝරගත්තට පස්සේ එ් photo එකට ලැබෙන එළිය සහ වර්ණ පාලනය කර ගන්න පුළුවන්. photo එකේ කොණ්ඩය වෙනස් කරනවනම් Hair බට්න් එක ක්ලික් කරන්න ඔ්නේ. එතකොට Wing සහ Hair dye ලෙස ඔප්ෂන් දෙකක් දැකගන්න පුළුවන්. එකෙන් Wing යන්න තෝරගත්තොත් දැනට අැති කොණ්ඩය මතින් බොරු කොණ්ඩයක් හෙවත් විග් එකක් දාන්න පුළුවන්. එ් වෙනුවට Hair dye යන්න තේරුවොත් කැමති වර්ණයකින් කොණ්ඩය වර්ණ ගන්වන්න පුළුවන්. සම්පූර්ණ photo එකේම වර්ණය එකවර වෙනස් කර ගන්න ඔ්නේ නම් Color බට්න් එක ක්ලික් කරන්න ඔ්නේ. එතකොට විධාන තුනක් අැති තවත් මෙනුවක් දිග අැරෙනවා. එ්කෙන් Draw FX කියන එක තේරුවොත් කැමති ඉෆෙක්ට් එකක් තෝරගෙන ,එම ඉෆෙක්ට් එක බ්‍රෂ් එකක් සේ භාවිතා කරමින් photo එකේ වර්ණාලේප කරන්න පුළුවන්. මේ වෙනුවට Coloring යන්න තේරුවොත් රූපය කළු සහ සුදු වර්ණ පමණක් ලැබෙනවා. මෙවිට බ්‍රෂ් එක යොදාගෙන photo එකේ යම් කොටසක් විතරක් පාට කරගන්න පුළුවන්. සම්පූර්ණ photo එක සදහා වර්ණවත් ඉෆෙක්ට්ස් යෙදීමට අවශයනම් Color FX කියන එක තෝරගන්න ඔ්නේ. එතකොට දීල තියෙන විවිද ඉෆෙක්ට්ස් වලින් කැමති ඉෆෙක්ට් එකක් තෝරගන්න පුළුවන්. මෙසේ ඡායාරූප සකස්කර ගැනීමෙන් පස්සේ Save බට්න් එක ක්ලික් කරලා එම වෙනස්කම් සේව් කර ගන්න පුළුවන්.

බියුටිප්ලස් (Beautyplus)


ලොව පුරා සිටින ජනගහනයෙන් මිලියන පහකට වැඩි පිරිසක් තමන්ගේ ඡායාරූප සකස් කර ගැනීම සදහා බියුටිප්ලස් (Beautyplus) app එක භාවිතා කරනවා. එ්කට හේතුව වෙලා තියෙන්නේ photos ඉක්මනින්ම සංස්කරණය කර ගන්න පුළුවන් ටූල්ස් මේකේ තිබීමයි. මොබයිල් උපාංගයේ කැමරාව සමග සම්බන්ද වෙලා ක්‍රියාත්මක වෙන්න මෙම app එකට පුළුවන්. එ් කිව්වේ මොබයිල්
උපාංගයේ කැමරාවෙන් ලබා ගන්නා photos එවෙලේම සංස්කරණය කරගන්න පුළුවන්. කැමරාවෙන් photo එකක් ගන්නකොට අපැහැදිලිතා හරි දුර්වලතා හරි අැතිවුනොත් එ්වා ඉක්මනින්ම සමනයකරල හොද මට්ටමේ ඡායාරූපයක් සකසා ගන්න මෙම app එක යොදා ගන්න පුළුවන්. මේ app එක පහල තියෙන link එකෙන් free download කරගන්න පුළුවන්. http://www.beautyplus.com එහෙම නැත්තම් google play store එකෙනුත් අරගන්න පුළුවන්. මුල් වරට app එක ඉන්ස්ටෝල් කරගෙන එ් වෙත පිවිසෙනකොට අැප් එක පිලිබදව විස්තර දැක්වෙන තිර කීපයක් මතු වෙනවා. එ්වායින් ඉවත් වුනාට පස්සේ බියුටිප්ලස් app එකෙන් වැඩ කරන්න පුළුවන් තිර විවෘත වෙනවා. අපි ලබා ගන්න photos එවෙලේම සකස් කරනවනම් ප්‍රදාන තිරයේ තියෙන Self portrait කියන එක තෝරන්න ඔ්නේ. එතකොට Self portrait තිරය විවෘත වෙනවා. මේකෙදි සාමාන්‍යයෙන් සිලෙක් වෙලා තියෙන්නේ ෆ්‍රන්ට් කැමරාව. තමන්ගේ මුහුණේ photo එකක් ගන්නවානම් යොදා ගන්න ඔ්නේ ෆ්‍රන්ට් කැමරාව. බැක් කැමරාව සිලෙක්ට් කරලා සාමානය විදිහට photos ගන්න පුළුවන්. ඡායාරූපය ලබාගත යුතු ප්‍රදේශය වෙත කැමරාව එල්ලකරලා දකුණු පැත්තේ ඉහලින් තියෙන අයිකන් එක තෝරන්න ඔ්නේ. දැන් photo එක ගන්න අවශය පුද්ගලයා වෙත කැමරාව යොමු වෙනවා. ඊට පස්සේ තිරයේ පහලින් තියෙන තරු ලකුණ සහිත බට්න් එක ක්ලික් කලාම ඡායාරූපය සටහන් වෙනවා. මෙහෙම ඡායාරූප ගත්තට පස්සේ එහි අාලෝක තත්වය , පැහැදිලි බව යනාදී ලක්ෂණ බියුටිප්ලස් app එකෙන් හොද අතට සැකසෙනවා. එම පෙනුම විවිධ ෆිල්ටර්ස් යෙදවෙන බට්න් තෝරා තව දුරටත් දියුනුකර ගන්න පුළුවන්. දැනටමත් ලබාගෙන අැති photo එකක් edit කර ගන්න ප්‍රධාන තිරයෙන් Beautify යන්න තෝරගන්න ඔ්නේ. එතකොට Select photo තිරය විවෘත වෙනවා. දැන් එ්කෙන් අවශය photo එක තෝරගන්න පුළුවන්. එතකොට එ්ක තිරය මත පෙන්නනවා. දැන් තිරයේ පහලින් තියෙන අයිකන් ක්ලික් කරමින් photo එක edit කර ගන්න පුළුවන්. එතෙන්දි Filters කියන එක තෝරලා ස්වාභාවික අාකාරයටම වර්ණ සකස් කරන්න පුළුවන්. photo එකේ පෙන්නන සමේ පෙනුම සකසන්න අවශයනම් මේ තුලින් Skin කියන එක තෝර ගන්න ඔ්නේ. සමේ තියෙන ලප කැලැල් යනාදිය photo එකෙන් ඉවත් කරන්න ඔ්නෙ නම් මේකේ තියෙන Acne කියන එක තෝරන්න ඔ්නේ. දැන් ලප කැලැල් අැති තැන් මත ටච් ස්ක්‍රීනය මතින් අැගිල්ලෙන් පිරිමැද එ්වා ඉවත් කරගන්න පුළුවන්. මෙවැනි සැකසුම් කිරීමෙන් පස්සේ එම සැකසුම් ස්ථාවරව තියා ගන්න අවශයනම් තිරයේ දකුණු පැත්තේ පහලින් තියෙන හරි ලකුණ සහිත බට්න් එක ක්ලික් කරන්න ඔ්නේ. photo එකෙන් පෙනෙන මුහුණේ පෙනුම මහතින් වැඩියි කියල හිතෙනවනම් එ්ක සිහින් කරගන්න පුළුවන්. එ් සදහා මේකේ තියෙන Slimming කියන එක තෝරගන්න ඔ්නේ. එතකොට බැලූ බැල්මට ලොකු වෙනසක් නොපෙන්වන විදිහට මුහුණේ මහත අඩු වෙනවා. photo එකේ අැස් යට අදුරු වීම් තියෙනවනම් එ්වා ඉවත් කර ගන්න මේ තුලින් Dark-circle කියන එක තෝරගන්න ඔ්නේ. අැස්වල දීප්තිය වැඩි කර ගන්න ඔ්නේ නම්  එ්ක කරන්න ඔ්නේ Brighten යන්න යොදාගෙනයි. මෙසේ photo එක සකස් කර ගත්තට පස්සේ තිරයේ ඉහලින් තියෙන Save & Share යන්න තෝරා එම සැකසුම් සේව් කර ගන්න පුළුවන්.








No comments:

Post a Comment