ජන කවි
ජන කවි යනු මොනවාද?
අතීතයේ විසූ ජනයාගේ ප්‍රධාන රැකියාව වූයේ ගොවිතැනයි.
වර්ථමානයේ මෙන් කුලිය දී වැඩ කර ගැනීමක් එකල නොවීය. තමන්ගේ වැඩ තමන්ම කර
ගත්තේය. මෙසේ තනිව වැඩ කිරීමේදී අැතිවන පාළුව මහන්සිය මග හරවා ගැනීමට ඔවුන්ගේ
මුවින් ඉබේ පිට විය. එසේ ජනයා විසින් කියන ලද කවි ජන කවි යනුවෙන් හැදින්වේ. මේ
කවි කියූ කෙනෙකු, ලියූ කෙනෙකු සදහන් වී නොමැත.
විවිධ
වර්ගයේ ජන කවි අැත. උදාහරණ වශයෙන් පැල් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කරත්ත කවි,
පතල් කවි, පාරු කවි, කුරහන් කවි හා කමත් කවි යනාදිය සදහන් කල හැකිය.