Tuesday, December 21, 2021

මරණ දඩුවම අභියසදී ඉල්ලූ අමුතුම අවසාන ආහාර ඉල්ලීම්

 මරණ දඩුවම අභියසදී ඉල්ලූ අමුතුම අවසාන ආහාර ඉල්ලීම්
Strangest Last Meal Requests on Death Row


මනුස්සයෙක් මොකක් හරි අපරාදයක් කලාම ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දඩුවම තමයි මරන දඩුවම කියන්නේ. ලංකාව වගේ රටක වර්ථමානය වෙනකොට මේ මරන දඩුවම ක්‍රියාත්මක නොවුනත් බොහෝ රටවල් වල අදටත් මේ දඩුවම තදින්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ මරන දඩුවම ක්‍රියාත්මක වෙන රටවල් අනුගමනය කරන සිරිතක් විදිහට මරණ දන්ඩනය නියම උන අපරාධකරුවන්ව පෝරකයට ගෙනියන්න කලින් විශේෂිත වූ කෑම වේලක් ලබා දෙනවා. මේ කෑම වේල විවිධ වු රෙගුලාසි වලට යටත්ව අදාල අපරාධකරුවන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි ඉල්ල ගන්න අවස්තාව තියෙනවා. අද අපි කියන්නේ එහෙම ඉල්ල ගත්ත අමුතුම ආහාර කිහිපයක් පිලිබදවයි.

 

වික්ටර් හැරී ෆෙගුයර් - Victor Harry Feguer

වර්ෂ 1963 දී වයස අවුරුදු 28ක් උන වික්ටර් හැරී, පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ වරදකට එල්ලා මැරීමට නියම වුනා. ඔහුගේ අවසාන කෑම ඉල්ලීම ලෙස එකම එක ඔලිව් ඇටයක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලලා තියෙනවා. කොහොම හරි මොහුව එල්ලලා මැරුවට පස්සේ එම ඔලිව් ඇටය ඔහුගේ ඇදුම් සාක්කුවක තිබිලා හමුවෙලා තියෙනවා. ඉතිං ගොඩක් දෙනෙක් කියන්නේ සාම‌යේ සංකේතයක් විදිහට සලකන ඔලිව් ගසක් තමන්ගේ මිනී වල උඩින් පැල වෙලා තියෙනවා අපේක්ෂා කරලා මේ විදිහට ඔලිව් ඇටයක් ඉල්ලලා සාක්කුවේ දාගන්න ඇතියි කියලා තමයි.

 

ලෝරන්ස් රසල් - Lawrence Russel Brewer

මේ වගේ අවස්තාවක තමන්ගේ අන්තිම කැමති ආහාර වේල වශයෙන් තෝරගන්නේ මොනවද කියන එක හරියටම ඔළුවට එන්නේ නෑ. මොකද ඒවගේ අවස්ථාවක ඉන්නේ මරනය පෙනි පෙනී නිසා. හැබැයි ලෝරන්ස් රසල් කියන්නේ ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්ත අපරාධකාරයෙක්. ඔහුගේ අවසාන කෑම වේල වශයෙන්, තෙලේ බදින ලද කුකුල් මස් කුට්ටි දෙකක් සමග ලූනු සහ හොදි, ත්‍රිත්ව බේකන් චීස් බර්ගර් එකක්, හරක්මස් සමග චීස් ඔම්ලට් එකක්, බෙල් පෙපර්ස්, ෆජිටා තුනක්, මස් මිශ්‍ර පීසා එකක්, තෙලේ බදින ලද බන්ඩක්කා දීසියක්, බාබකියු මස් රාත්තලක් සමග පාන් භාගයක්, රටකජු බටර් ටොෆී සමග තලන ලද රටකජූ සහ බ්ලූ බෙල් අයිස්ක්‍රීම් පයින්ට් එකක් ලබා දෙන ලෙසත් මීට අමතරව මේ සියල්ලම බියර් කෑන් තුනකින් තෙමා තිබිය යුතු බවත් ඉල්ලලා තියෙනවා. මේ කොහොම උනත් මේ අහාර සියල්ලක්ම ඔහුට ගෙනත් දුන්නට පස්සේ බඩගිනි නැහැයි කියලා සියළුම කෑම ප්‍රතික්ෂේප කලා කියලා කියනවා.

 

ඩේවිඩ් ලියොන් වුඩ්ස් - David Leon Woods

ඩේවිඩ් ලියොන් කියන්නෙත් දරුනු ගනයේ මිනීමැරුම් නිසා 2007 වසරේදී පෝරකයට නියම උන අපරාදකාරයෙක්. මොහු ඔහුගේ අවසාන ආහාරය සදහා සරල ඉල්ලීමක් තමයි කරලා තිබුනේ. ඒ පීසා එකක් සහ උපන්දින කේක් ගෙඩියක්. මොහු මේ දෙකම සිය පවුලේ අය සමග බෙදාගෙන තියෙනවා. නමුත් විශේෂම කාරනය වෙන්නේ මොහුගේ උපන්දිනය යෙදිලා තිබුනේ ඔහුව මරාදමා මාස තුනකට පසුවයි.

 

වෙල්මා බාර්ෆීල්ඩ් - Velma Barfield

වයසක මිත්තනියක් වෙන වෙල්මා බාර්ෆීල්ඩ් මිනිසුන් 6 දෙනෙකු ඝාතනය කල වරදට 1982 දී මාරාන්තික එන්නත් කිරීමකින් මරණයට පත්කිරීමට නියෝග වුනා. ඒ වගේම තමයි වසර 22ක් තුල මරණ දන්ඩනය නියම කර මරා දමන ලද පලමු කාන්තාවද වෙල්මා බාර්ෆීල්ඩ් වුනා. මරන දන්ඩනය නියම වූ වයසක අත්තම්මා ලෙස ප්‍රසිද්දියක් ලැබුනු ඇයගේ අවසාන කෑම වේල විදිහට චීස් ඩූඩ්ල්ස් පැකට් එකක් සහ කොකා කෝලා බීම බෝතලයක් ඉල්ලලා තියෙනවා.

 

රොනී ලී ගාඩ්නර් - Ronnie Lee Gardner

මොහුගේ අවසාන ආහාර වේල ලෙස පොකිරිස්සන් වලිග, වැනිලා අයිස්ක්‍රීම් සහිත ඇපල් රොටී සහ 7up බීම එකක් විතරක් ඇනවුම් කරලා තියෙනවා. මීට අමතරව තමන්ගේ මෙම ආහාර වේල ගන්නා තුරු Lord of the Rings චිත්‍රපට ත්‍රිත්වය නැරඹීමට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරපු නිසා ඔහුට ඒ සදහා අවසරත් හිමිවෙලා තියෙනවා. පැය 11කට වැඩි කාලයක් ගතවුන මෙය දිගම අවසාන ආහාර වේල විදිහටයි සලකන්නේ.

 

පිලිප් වර්ක්මන් - Philip Workman

මිය යන විට කිසිවක් අනුභව නොකල පිලිප්, ඔහුගේ අවසාන ආහාර වේල වෙනුවෙන් විශාල නිර්මාංශ පීසා කිහිපයක් අහුඹුලෙස තෝරගත්ත නිවෙස් නැති පුද්ගලන් කිහිප දෙනෙකුට ලබා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. හැබැයි බන්ධනාගාර නිලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා. හැබැයි මේ කොහොම උනත් ඔහුගේ මරන දඩුවම ක්‍රියාත්මක කරපු දවසේ නිවෙස් නැති පුද්ගලන්ට රට පුරා ජනතාවගෙන් නිර්මාංශ පීසා විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතිං අවම වශයෙන් ඔහු මරණයට පත්වෙන්න කලින් එකම එක යහපත් ක්‍රියාවක්වත් කරලා තියෙනවා.

 

ජේම්ස් එඩ්වඩ් ස්මිත් - James Edward Smith

අපරාධකරුවන් විසින් මෙතෙක් කල් ඉල්ලලා තියෙන විකාරම කෑම වේල මේක කියලා කියන්න පුළුවන්. මොකද මොහු අවසාන කෑම වේල විදියට ඉල්ලලා තියෙන්නේ කුනු කසල දිරාපත්වෙලා හැදුන පස් කුට්ටියක්. කොහොම උනත් බන්ධනාගාරයේ රෙගුලාසිවලට පටහැනි ආහරයක් නිසා මෙම පස් කුට්ටිය ඔහුට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමටයි අදාල බලදාරීන් කටයුතු කරලා තිබුනේ. අවසානයේ ඔහුට යෝගට් එකකින් සෑහීමකට පත්වෙන්න සිදුවෙලා තියෙනවා.