Wednesday, June 24, 2015

මෘදුකාංගයක් නොමැතිව Files හංගමු

මෘදුකාංගයක් නොමැතිව Files හංගමු.


මම අද කියලා දෙන්න හදන දේ ඔයාලට හුගක් වැදගත් වෙයි කියලා හිතනවා. මම අද කියලා දෙන්න හදන්නේ මෘදුකාංගයක් නැතුව ඔයාලාගේ Files, Videos, Songs, photos, Folders වගේ දේවල් කාටවත් නොපෙනෙන විදිහට හංගන්නේ කොහොමද කියලා. වැඩි කතා ඔ්නේ නෑ අපි වැඩේට බහිමු.


Files සැගවීම

මුලින්ම ඔයගොල්ලන්ට හංගන්න ඔනේ කරන ෆයිල් එකේ හරි ෆෝල්ඩර් එකේ හරි අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් Properties කියන එක ක්ලික් කරන්න. එතකොට පහලින් තියෙනවා වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා.


දැන් එ්කේ General ටැබ් එකේ පහලින් තියෙන Hidden කියන එක තෝරලා Ok කරන්න. එතකොට ඔයාගේ File එක අතුරුදහන් වෙලා යනවා. ඔයා හංගන්න හදන්නේ Folder එකක් නම් Hidden කියන එක තෝරලා Ok කලාම පහල තියෙනවා වගේ එකකුත් එනවා.


මෙකෙන් අහන්නේ Folder එක අැතුලේ තියෙන එ්වත් හංගන්න ඔ්නෙද කියලා. Apply changes to this folder only කියන එක තේරුවොත් කවුරු හරි Search එකේ Folder එක අැතුලේ තියෙන දෙයක්  type කලොත් Folder එක අැතුලේ තියෙන එ්වා පෙන්නනවා. නමුත් ඔය දෙවෙනියට තියෙන එක එ් කිව්වේ Apply changes to this folder,subfolders and files කියන එක තේරුවොත් හංගපු ෆයිල් කාටවත් හොයා ගන්න බෑ. අපට කරන්නත් ඔ්නේ එ්කනේ. එ්ක නිසා හැම තිස්සෙම දෙවෙනි එක තෝරගත්තොත් හොදයි.


සැගවූ ෆයිල්ස් බැලීම

මේ සදහා Start බට්න් එක ක්ලික් කරලා දකුණු පැත්තේ තියෙන Control panel කියන එක ක්ලික් කරන්න. දැන් එකේ Folder options කියන එක ක්ලික් කරන්න. (Folder options කියන එක පේන්න නැත්තම් උඩ දකුණු පැත්තෙන් තියෙන View by කියන එකෙන් Large icons කියන එක ක්ලික් කරන්න එතකොට එනවා)


හරි දැන් විවෘත වෙන Folder options බොක්ස් එකේ දෙවෙනියට තියෙන එ් කිව්වේ View කියන ටැබ් එක ක්ලික් කරන්න.


දැන් මේකේ පහලින් තියෙන Hidden files and folders කියන එකෙන් Show hidden files, folders and drives කියන එක ක්ලික් කරලා Apply කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ලා පාටින් හංගපු ෆයිල් ටික පේනවා. දැන් නැවතත් කලින් වගේම හංගපු ෆයිල් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් Properties යන්න තෝරගෙන Hidden කියන එක උඩ ක්ලික් කරලා සිලෙක්ට් කරපු එක ඉවත් කරලා Ok ක්ලික් කරන්න. දැන් සාමාන්‍ය විදිහටම file එක පේන්න ගන්නවා. ඊට පස්සේ අපි අර කලින් Folder options බොක්ස් එකේ Show hidden files, folders and drives කියලා තෝරපු එක අායිමත් Don’t show hidden files,folders or drives කියන එකට දාලා Ok බට්න් එක ක්ලික් කරන්න.

මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් එ් ගැන කියලා කමෙන්ට් එකක් දාන්න. වෙලාව තියෙන හැටියට මම පිළිතුරු දෙනනම්......

No comments:

Post a Comment