Wednesday, June 24, 2015

වට ලප්පන්

වට ලප්පන්







අවශ්‍ය ද්‍රව්‍ය



  • හකුරු 250g
  • බිත්තර 5 යි
  • උකුවට මිරිකා ගත් පොල් කිරි කොප්ප 1 ¼
  • ලුණු තේ හැදි ½
  • කරාබු නැටි, සාදික්කා, කුරුදු පොතු, කරද මුංගු(හීනියට කොටා ගන්න)


සාදන ක්‍රමය



උකුවට මිරිකා ගත් පොල් කිරි වලට  සූරා ගත් හකුරු දමා ලිප තබන්න. ටික වේලාවකින් ලිපෙන් බා පෙරා ගන්න(කැට ඉතුරු වන සේ). හොදින් බිත්තර 5 ගසා ගන්න. ගසා ගත් බිත්තර මිශ්‍රනයට ලිප තබා පෙරා ගත් හකුරු මිශ්‍රනය  දමන්න. එයට කුඩුකර ගත් කරාබු නැටි, සාදික්කා, කුරුදු පොතු, කරද මුංගු සියල්ලම දමන්න. ලුණු තේ හැදි ½ ක්ද දමන්න. රසය වැඩි කර වීමට කජුද දමන්න. ඊට පසු මෙම සියළුම මිශ්‍රනය අැළුමිනියම් භාජනයකට දමා ‘ලන්ච් ෂීට්’ එකකින් වසා ස්ටීමරේ දමා තම්බා ගන්න.

1 comment: