Wednesday, June 17, 2015

නැතිවූ දත්ත නැවත ලබා ගන්නා හැටි

නැතිවූ දත්ත නැවත ලබා ගන්නා හැටි


මම අද කියලා දෙන්න යන දේ නම් හුගක් අය දන්න දෙයක් තමයි. නමුත් නොදන්න කිහිප දෙනෙකුත් ඉන්න පුළුවන් නිසා මේ ලිපිය ලිවුවොත් හොදයි කියලා හිතුනා.
යම් අතපසු වීමකින්, වයිරස් වැඩසටහනක් නිසා, වෙනත් මෘදුකාංග දෝශයක් නිසා ඔයාගේ hard disk එකක හරි  pen drive, memory card යනාදී external drive එකක හරි අැති අත්‍යවශය file එකක් හරි මොකක් හරි දෙයක් delete උනා කියල හිතමුකෝ.
කෙලවුනා නේද?  දැන් ඉතින් මොකද කරන්නේ? අයියෝ සල්ලි! හුගක් අයට එහෙම හිතෙනවා. නමුත් දැන් එ් ගැන දුක් වෙන්න ඔ්නේ නෑ. මොකද එම දත්ත කිසි ගැටළුවක් නැතුව නැවත ලබා ගන්න පුළුවන්. මේ සදහා විවිද මෘදුකාංග වර්ග රාශියක් නිපදවල තියෙනවා.  එම මෘදුකාංග වලට කියන්නේ Data recovery Softwares කියලා. එ් අතරින් රෙකොවා (Recuva) කියන්නේ හොද Data recovery Software එකක්. මම මේ post එකෙන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද රෙකොවා (Recuva) මෘදුකාංගය පාවිච්චි කරලා නැති වෙච්ච දත්ත නැවත ලබා ගන්නේ කියලා.
          හරි අපි දැන් වැඩේට බහිමු. මුලින්ම ඔයගොල්ලෝ මේ පහල තියෙන link එකට ගිහින් Software එක නොමිලේම download කරගන්න. 4MBක් විතර අැති. www.piriform.com/recuva  ඊට පස්සේ ඔයාලා ඔය download කර ගත්ත සෙටප්  එක ඔයාගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න ඔ්නේ.
          ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා ඔයාගේ පරිගණකයේ Start – All programs – Recuva හරහා ගිහිල්ලා Software එක විවෘත කරගන්න. දැන් විවෘත වුන ඩයලොග් බොක්ස් එකේ පහලින් තියෙන Next කියන බට්න් එක ක්ලික් කරන්න ඔ්නේ. එතකොට පහල තියෙනවා වගේ ෆයිල් ටයිප් එක තේරීමේ අදියර වෙතට යොමු වෙනවා.
        
    .
          මෙතනදී අපට දැන් ලබා ගැනීමට අවශ්‍ය එනම් මැකී අැති ෆයිල් වර්ගය කුමක්ද යන්න තෝරලා දෙන්න පුළුවන්. එතකොට රිකවරි කිරීම සදහා සොයා බලන්නේ එ් ෆයිල් වර්ගය විතරයි.  මම එ්වා ටික පහලින් විස්තර කරලා තියෙනවා.
          Pictures - මැකී අැති ඉමේජස් සොයන්න පුළුවන්
          Music - මැකී අැති ඔ්ඩියෝ ෆයිල්ස් සොයන්න පුළුවන්
          Documents - මැකී අැති ඩොකියුමන්ට් ෆයිල්ස් සොයන්න පුළුවන්
          Video - මැකී අැති වීඩියෝ ෆයිල්ස් සොයන්න පුළුවන්
          Compressed - මැකී අැති සිප් ෆයිල්ස් සොයන්න පුළුවන්
          Email - මැකී අැති ඊ මේල් සොයන්න පුළුවන්
          Other - මැකී අැති ඔ්නෑම ෆයිල් වර්ගයක් සොයන්න පුළුවන්
අදාල ෆයිල් වර්ගය තේරුවට පස්සේ පහලින් තියෙන Next බට්න් එක ක්ලික් කල යුතුයි. එතකොට මම පහලින් දාලා තියෙන විදිහේ සෙවීම කළ යුතු තැන තේරිය යුතු පියවර වෙතට යොමු වෙනවා.
   

මෙතනදි ඔයාලාගේ ෆයිල් එක තිබුනු තැන තෝරලා දෙන්න ඔ්නේ. පහලින් එ් ටිකත් විස්තර කරලා දාලා තියෙනවා.
          I’m not sure - නැතිවුන ෆයිල් එක තිබුනේ කොහෙද කියලා මතක නැතිනම් මේක ක්ලික් කරන්න
          On my media card or ipad – pen drive එකක් වැනි දෙයක තිබිලානම් මේක තෝරා ගන්න ඔ්නේ.
          In my documents – My documents folder එකේ තිබිලානම් මේක තෝරා ගන්න ඔ්නේ
          In the recycle bin – recycle bin එකේ තිබිලානම් මේක ක්ලික් කරන්න
          In aspecific location - මේ යටතේ browse හරහා ඔයාලට ඔයාලගේ නැතිවුන ෆයිල් තිබුන ඔ්නෑම තැනක් තෝරලා දෙන්න පුළුවන්
මේ විදිහට  Delete වුන ෆයිල් එක තිබුන තැන හොයලා දුන්නට පස්සේ අායිත් පහලින් තියෙන Next බට්න් එක ක්ලික් කරන්න. එතකොට පහලින් දාලා තියෙනවා වගේ අවසන් අදියර වෙතට පිවිසෙනවා.

   


ඔයාගේ ෆයිල් delete වෙලා ටික කාලයක් නම් මේකෙ තියෙන Enable deep scan කියන එක සිලෙක්ට් කරන්න ඔ්නේ. ඔයාගේ ෆයිල් delete උනේ අද වගේ නම් මේක සිලෙක්ට් කරන්න ඔ්නෙ නෑ.
ඊට පස්සේ Start කියන බට්න් එක ක්ලික් කරන්න. දැන් නැති වූ ෆයිල් සෙවීම අාරම්භ වෙනවා. මේකට ඉතින් ටික වෙලාවක් යනවා. ටික වෙලාවක් කිව්වේ විනාඩි 4ක් 5ක් විතර වගේ. ටික වෙලාවකින් piriform recuva කියන වින්ඩෝ එක විවෘත වෙනවා.


ඉහලින් දාලා තියෙන්නේ Priform recuva වින්ඩෝ එක තමයි. රිකවරි වුන ෆයිල්ස් සියල්ල මේ වින්ඩෝ එක අැතුලේ දකින්න තියෙනවා. දැන් අපිට අවශය ෆයිල් එක මේ තුලින් සොයාගෙන එම නමට ඉදිරියෙන් තියෙන චෙක් බොක්ස් එක සිලෙක්ට් කරන්න ඔ්නේ. ඊට පස්සේ පහළ දකුණු පැත්තේ තියෙන Recover කියන බට්න් එක ක්ලික් කරන්න. එතකොට Browse for folder කියන ඩයලොග් බොක්ස් එක එනවා. දැන් ඔයාගේ ෆයිල් එක Save වෙන්න ඔ්නේ තැන ඔතනින් තෝරලා දීලා OK බට්න් එක ක්ලික් කරන්න. වැඩේ ඉවරයි. හරිම සරලයි නේද? එහෙනම් ගිහින් එන්නම්........


මේ ලිපිය ඔයාලට වැදගත් උනා නම් පහලින් වචන දෙක තුනක් හරි දාලා යන්න අමතක කරන්න එපා....... 

2 comments: