Wednesday, June 24, 2015

චයිනීස් ෆ්‍රයිඩ් රයිස්

චයිනීස් ෆ්‍රයිඩ් රයිස්





අවශ්‍ය ද්‍රව්‍ය


බාස්මතී හාල් කි.ග්‍රෑ.1
හැම්, බේකන්, තැම්බූ කුකුල් මස්, කකුළුවන් හෝ ඉස්සන් අවු.8
බිත්තර 4
සෝයා සෝස් තේ හැදි 4
තක්කාලි සෝස් තේ හැදි 2
ලූනු ගස් හෝ ලීක්ස් රා ½ (කෑලි වලට කපා ගන්න)
අජින මොටෝ තේ හැදි 1
ලුණු කුඩු
අඹරා ගත් ඉගුරු සහ සුදු ලූනු තේ හැදි 1
සැල්දිරි මේස හැදි 1
මාළු මිරිස් කරල් 2
තක්කාලි ගෙඩියක්
රට ලූනු ගෙඩියක්
ඔයිටර් සෝස් මේස හැදි 1

සාදන ක්‍රමය



බාස්මතී හාල් පැය ½ ක් වතුරේ පොගවා තබා හොදින් සෝදා ලුණු සමග උතුරන වතුරට දමා තම්බන්න. විනාඩි 10-12 කින් අැට තැම්බුන පසු වතුර පෙරා අැල්වතුරෙන් සෝදා වතුර බේරන්න.
තාච්චියක්  හෝ වොක් එකක, තෙල් අවු. 3 ක් පමණ රත් කර ඉගුරු සුදු ලූනු දමා ඉන් පසු බේකන් චිකන් හෝ යොදා ගන්නා ඔ්නෑම මස් වර්ගයක් බැද ගන්න. බිත්තරද හොදින් ගසා ඊට කලවම්කර සැල්දිරි සහ ලූනු ද එ් සමග යොදන්න. බිත්තර හයි වූ විට හැන්දකින් කෑලි වලට කඩන්න.

අනතුරුව ලූනු ගස්, කුඩාවට කැපූ මාළු මිරිස් සහ තක්කාලි ඊට දමා තක්කාලි සෝස්, ඔයිටර් සොස් සහ අජිනමොටෝද ඊට එකතුකර ලිපෙන් බා, තම්බාගත් හාල් ටික සහ අවශ්‍ය තරම් ලුණු කුඩු එකතු කරන්න.

තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


No comments:

Post a Comment