Friday, December 11, 2015

මාලු පාන් නිවසේදීම සාදා ගන්නා ආකාරය. how to make fish bun.

හැමෝම කන්න ආස මාලු පාන් ගෙදරදීම රසවත්ව සාදා ගනිමු.




අවශ්ය  දේ,

  • පාන් පිටි 250g
  • යීස්ට් 5g
  • ලා උණු කිරි 100ml (වතුර 100ml දැම්මත් කමක් නෑ)
  • සීනි 1 tbsp
  • ලුනු ½ tsp
  • බිත්තර 1
  • බටර් 2 tbsp
  • මැදට දැමීමට මාලු අල මිශ්රෙණයක්


සාදන ආකාරය:
පිටි, යීස්ට්, සීනි, බඳුනක දමා මිශ්‍ර කර එයටම ලුනුද දමා මිශ්‍ර කරන්න.
එයට කිරි, බිත්තර සහ බටර් දමා Dough එක (ගුලියක්) හදාගන්න. මෙය stand mixer එකකින් හදනවා නම් ඒකෙ බෝල් එකේම මිශ්‍ර කරන්න.
අතින් අනනවා නම් විනාඩි 15ක් knead කරන්න (අදිමින් නැවත ගුලි කරමින් අනන්න). Stand mixer එකේ නම් medium speed විනාඩි 7-10ක් dough hook එක සවි කර knead කරන්න.
ඇලෙන ගතිය ආවට පිටි වැඩිපුර දාන්න එපා.
• Dough එක තෙල් තැවරූ බාජනයක දමා තෙත රෙදි කෑල්ලකින් හෝ තෙල් ගෑ ඉටි කොලයකින් වසා උනුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
ඉන්පසු පිටි තැවරූ මතුපිටක dough එක දමා අතින් තලමින් වාතය ඉවත් කර ගුලියක් සාදන්න.
එය කෑලි 8කට කඩන්න.
මේ කෑල්ලක් රවුමක් හැඩයට අතින් හදා ලෑල්ලක් මත තබා කොන් 3න් දිවක් වගේ හැදෙන සේ තුනී කරන්න. රෝලින් පින් එකකින් තුනී කලා නම් ලේසියි. එවිට මැද ගණකම ත්‍රිකෝණයක් හැදෙනවා.
ත්රි‍කෝණය මැදට මාලු අල මිශ්රිණයෙන් ටිකක් දමා කොන් 3 නවා ගන්න. නවපු පැත්ත යටට සිටින සේ තැටියක දමා තෙල් ගෑ ඉටි කොලයකින් වසා උණුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
ඉන් පසු පරිස්සමින් එය මතුපිට බිත්තර ගාන්න.
200oC (fan oven 180oC) රත් වූ oven එකක විනාඩි 15-20 පමණ (උඩ රන්වන් දුඹුරු පාට වන තුරු) බේක් කරන්න.


ඉන්දුනී වැලිවිට විසිණි.

තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


2 comments: