Friday, December 11, 2015

මාලු පාන් නිවසේදීම සාදා ගන්නා ආකාරය. how to make fish bun.

හැමෝම කන්න ආස මාලු පාන් ගෙදරදීම රසවත්ව සාදා ගනිමු.




අවශ්ය  දේ,

  • පාන් පිටි 250g
  • යීස්ට් 5g
  • ලා උණු කිරි 100ml (වතුර 100ml දැම්මත් කමක් නෑ)
  • සීනි 1 tbsp
  • ලුනු ½ tsp
  • බිත්තර 1
  • බටර් 2 tbsp
  • මැදට දැමීමට මාලු අල මිශ්රෙණයක්


සාදන ආකාරය:
• පිටි, යීස්ට්, සීනි, බඳුනක දමා මිශ්‍ර කර එයටම ලුනුද දමා මිශ්‍ර කරන්න.
• එයට කිරි, බිත්තර සහ බටර් දමා Dough එක (ගුලියක්) හදාගන්න. මෙය stand mixer එකකින් හදනවා නම් ඒකෙ බෝල් එකේම මිශ්‍ර කරන්න.
• අතින් අනනවා නම් විනාඩි 15ක් knead කරන්න (අදිමින් නැවත ගුලි කරමින් අනන්න). Stand mixer එකේ නම් medium speed විනාඩි 7-10ක් dough hook එක සවි කර knead කරන්න.
• ඇලෙන ගතිය ආවට පිටි වැඩිපුර දාන්න එපා.
• Dough එක තෙල් තැවරූ බාජනයක දමා තෙත රෙදි කෑල්ලකින් හෝ තෙල් ගෑ ඉටි කොලයකින් වසා උනුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
• ඉන්පසු පිටි තැවරූ මතුපිටක dough එක දමා අතින් තලමින් වාතය ඉවත් කර ගුලියක් සාදන්න.
• එය කෑලි 8කට කඩන්න.
• මේ කෑල්ලක් රවුමක් හැඩයට අතින් හදා ලෑල්ලක් මත තබා කොන් 3න් දිවක් වගේ හැදෙන සේ තුනී කරන්න. රෝලින් පින් එකකින් තුනී කලා නම් ලේසියි. එවිට මැද ගණකම ත්‍රිකෝණයක් හැදෙනවා.
• ත්රි‍කෝණය මැදට මාලු අල මිශ්රිණයෙන් ටිකක් දමා කොන් 3 නවා ගන්න. නවපු පැත්ත යටට සිටින සේ තැටියක දමා තෙල් ගෑ ඉටි කොලයකින් වසා උණුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
• ඉන් පසු පරිස්සමින් එය මතුපිට බිත්තර ගාන්න.
• 200oC (fan oven 180oC) රත් වූ oven එකක විනාඩි 15-20 පමණ (උඩ රන්වන් දුඹුරු පාට වන තුරු) බේක් කරන්න.


- ඉන්දුනී වැලිවිට විසිණි.

තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


2 comments: