Friday, December 11, 2015

සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද? (How to Face an Interview)

සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද?








අපේක්ෂකයා රැකියාවටත්, රැකියාව අපේක්ෂකයාටත් ගැළපෙනවාද යන්න සොයා බැලෙන ක්‍රියාදාමයකි
ඔබ සම්මුඛ පරීක්ෂණයකට යන විට ඔබේ ජීව දත්ත පත්‍රිකාව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අත තිබෙනවා. ඔවුන්ට ඔබ සමග කතා කිරීමට අවශ්‍ය වන්නේ ඉන් තීරණය කර ගත නොහැකි දේවල් ටිකක් පමණි.

එනම්,

  • ඔබ කොතරම් හොද සන්නිවේදකයෙක්ද ?
  • ඔබ කොතරම් විශ්වාසනීය ද ?
  • ඔබ නිවැරදි ආකල්ප ඇත්තෙක් ද?
  • භාවිතයේ දී ඔබට දැනුම යොදාගත හැකිද යන්නයි.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණයට කැදවීමේ ලිපිය ලද විගස හා ඉන් පසු අනුගමනය කල යුතු ක්‍රයාමාර්ග කිහිපයකි.

සම්මුඛ පරීක්ෂණයට කැදවීමේ ලිපිය ලද විගසම


  • ආයතනයේ නිෂ්පාදන සේවා හා ආයතනයේ ශාඛා පිළිබද සොයා බලන්න.
  • ආයතනයේ ප්‍රචාරණ දැන්වීම් සොයා බලා ඔබේ ක්‍රියාකාරකම් අයදුම්ප‍තේ මතු කර පෙන්වන්න.
  • කරපටිය පැළදීම, සාරිය ඇදීම අාදිය පුහුණු වන්න.

ඇදුම්



දුටු වහාම සිත් ඇදගන්නා පළමු දෙය ඇදුමයි. ඔබ ඉතා හොදින් හැද පැලද, හොද ආකල්පයක් නිර්මාණය කරන්නේ නම් සම්මුඛ පරීකෂණයේ 50% කින් එතෙර විය හැක.

පිරිමි -



  • ලා පැහැති කමීසයක් හා තද පැහැති කලිසමක් ඇදිය යුතුය.
  • කලිසමේ පටිය දක්වා දිගින් යුතුව පිටුපස කොලරයෙන් වැසෙන පරිදි හා කරපටියේ ඇතුල් කොටස පිටතට නොපෙනෙන සේ පිළිවෙලට කරපටිය ඇදිය යුතුය. එය කමීසයේ පැහැයට්, මේස් වල පැහැයටත් ගැලපිය යුතුය.
  • සපත්තු ඉතා හොදින් පිරිමැද තිබිය යුතුය

කාන්තා -


 මෙය ආකාර තුනකින් ඇදිය හැක.



  1. සාරිය ඇදීම
  2. සාය හා හැට්ටය ඇදීම
  3. කලිසම් සූට් ඇදීම                                                                                                                            

  • ඇදුම රැකියාව අනුව විය යුතු අතර උත්සව අවස්ථාවලට අදින තද පාට හා දිස්නය දෙන වැඩ දැමූ ඇදුම් නොඇදිය යුතු අතර, උදයවරුවේ නම් ලා පැහැය ද සවස් වරුවේ නම් තරමක් තද වර්ණ ද භාවිතා කල යුතුය.
  • ආභරණ අවම වශයෙන් පැළදිය යුතුය
  • සාරි පොට උරහිස ළගින් අල්පෙනෙත්තක් ගසා නතර කල  යුතුය
  • ගැලපෙන හා සුව පහසු පාවහන් පැලදිය යුතුය



සම්මුඛ පරීක්ෂනයට යාමට පෙර



  • ආයතනය නිවැරදිව පිහිටා ඇති තැන පිලිබද සොයා බලන්න.
  • සම්මුඛ පරීක්ෂණ දිනයට සමීප දේශීය හා ජාත්‍යන්තර සිදුවීම් පිළිබද දැනුවත් වන්න.
  • නිරන්තරයෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා පුහුණු වන්න.


නිරන්තරයෙන් අසන ප්‍රශ්න කිහිපයක්
ඔබ ගැන යමක් කියන්න
ඔබේ ශක්තීන් හා දුර්වලතා පිළිබද කියන්න.
මේ රැකියාව සදහා ඔබ සුදුසුම පුද්ගලයා වන්නේ මන්දැයි කියන්න
ඔබේ කෙටි කාලීන හෝ දිගු කාලීන වෘත්තීය ඉලක්ක කියන්න
මෙම රැකියාව සදහා ඔබ සතු සුදුසුකම් ගැන කියන්න.

සම්මුඛ පරීක්ෂණයට පෙර දින


පහත දෑ සමඟ ලස්සන ගොනුවක් සකසා ගන්න

  • ඔබේ අයඳුම්පතේ පිටපත්
  • කැඳවීමේ ලිපියේ පිටපත්
  • අධ්‍යාපන සහතික හා පිටපත්
  • වෙනත් ආශ්‍රිත ලිපි
  • සෘජුවම රැකියාවට සම්බන්ධ ශක්තීන්, සුදුසුකම් හා අත්දැකීම් පිළිබඳ ඔබේ මතකය අලුත් කර ගන්න
  • තරමක් වේලාසනින් නින්දට යන්න


සම්මුඛ පරීක්ෂණ දිනයේ


  • තරමක් වේලාසනින් අවදි වී සැහැල්ලු ආහාර වේලක් ගන්න
  • ඔබේ ලිපි ගොනුව නැවත පරීක්ෂා කර බලන්න.
  • හොදින් හැඳ පැළදගෙන තරමක් වේලාසනින් පිටත්වන්න.
  • බලාපොරොත්තු විරහිත මාර්ග බාධා හා පමාවීම පිලිබද සැලකිලිමත් වන්න.
  • ඔබ සම්මුඛ පරීක්ෂණ ස්ථානයට ලගා වන ආකාරය ගැන සැලකිලිමත් වන්න.
  • ඔබ පොදු ප්‍රවාහන සේවය යොදා ගන්නේ නම් බොහෝ විට මහන්සි වී දහඩිය දමා ගෙන යාමට සිදුවනු ඇත. එවිට පිළිගැනීමේ නිළධාරින්ගෙන් විමසා, විවේක කාමරය අසා එතැනට ගොස් නැවත අළුත් වී යන්න.


සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන විට


සම්මුඛ පරීක්ෂණ ශාලාවට ඇතුඵ වූ විට ඔබ පැමිණි දොර හෙමින් වසන්න.
අවස්ථානෝචිතව සුබ පතන්න,එහෙත් දැනුම් දෙන තෙක් අසුන් නොගන්න.
ඔබේ දෙඅත් හා සහතික ෆයිල් එක උකුල මත තබා ගන්න. (කාන්තාවන් අත් බෑගය තමාට පසෙකින් බිම තබන්න.)
සම්මුඛ පරීක්ෂණය පුරාම පරීක්ෂණ මණ්ඩලය සමග මනා ඇස් සම්බන්ධයක් පවත්වා ගන්න. පුටුවෙන් ඉදිරියට නැමීම, අත් කම්මුලට තබා ගැනීම ආදිය කිසිවිට නොකරන්න.
සාමාන්‍යෙයන් ඔව්” , “නැහැවර්ගයේ කෙටි පිළිතුරු නොදෙන්න. එමෙන්ම වඩාත් දිග පිළිතුරු දීමෙන්ද වලකින්න.
සම්මුඛපරීක්ෂණයේ දී ඔබ කිසිවක් නොදන්නා ක්ෂේත්‍රයකින් ප්‍රශ්න අහන්නේ නම් එහි ගැඹුරට ගොස් අමාරුවේ නොවැටී ඒ ගැන ඔබ නොදන්නා බව කියන්නට නොපැකිලෙන්න.
ඔබ වඩාත් හොදින් දන්නා ක්ෂේත්‍රයකින් ප්‍රශ්න අසන විට ඒ පිළිබද වැඩි අවධාරණයක් ලබා ගනිමින් හැකි තරම් ලකුණු ලබා ගන්න. නිශ්ශබ්දව නොසිටින්න.
ආයතනය තුළ ඔබේ වෘත්තීය ඉදිරි ගමන හා පුහුණු අවස්ථා පිලිබද සම්මුඛ පරීක්ණ මණ්ඩලයෙන් ප්‍රශ්න අසන්න.
සම්මුඛ පරීක්ෂණය අවසානයේ පුටුවෙන් නැගිට ස්තූති කොට පුටුව තිබූ ආකාරයට නැවත සකසා විශ්වාසයෙන් ඇවිද පිටව යන්න.
බොහෝ රැකියා අවස්ථා පෞද්ගලික අංශයට සීමා වීම නිසා හොද ඉංග්‍රීසි භාෂා සන්නිවේදනයක් තිබීම අතිශයින් වැදගත්ය. නමුත් සන්නිවේදනයේ 60% ක්ම වාචික නොවන සන්නිවේදනයයි.එම නිසා අභිනය, හඩ පාලනය වැනි දේ තුළින් සන්නිවේදන කුසලතා මතු වේ. විදේශීය භාෂාවක් කතා කිරීමේ දී අඩු පාඩු පිලිබද බිය වීම හෝ ලජ්ජාවීම අවශ්‍ය නැත. මේ සදහා තිබිය යුත්තේ විශ්වාසනීයත්වයයි. ආත්ම විශ්වාසයෙන් යුතුව සන්නිවේදනය කිරීම ජයග්‍රහණයේ මූලිකාංගය යි.



 ඉසුරිකා උදයානි විසිණි.

තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....



No comments:

Post a Comment