Tuesday, December 1, 2015

How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User


කිසිදු මෘදුකාංගයක් නොමැතිව IP Address එක වෙනස් කරන හැටි මෙන්න..



ඔබ ශ්‍රී ලංකාවේ කොහෙන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් ඔබේ IP Address එක කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයෙක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. ඒ සදහා මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.

සැලකිය යුතුයි - මේ දේ කරන්න කලින් ඔබ අන්තර්ජාලයට සම්බන්ද විමට භාවිතා කරන ඕනෑම ක්‍රමයකින් මුලින්ම අන්තර්ජාලයට සම්බන්ද වෙලා ඊට පසුව මේ පහලින් කියල තියෙන පියවරවල් කරන්න.
මුලින්ම , මෙතනින් ගිහින් ඔබේ දැන් තියේන IP එකට අදාල විස්තර එහම බලා ගන්න. මොකද මේක ඇත්තටම සිදු වෙනවද කියල ඔබත් දැන ගන්න ඕන.

* ඔබ භාවිතා කරන්නේ Windows 7 නම් මේ විදිහට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියෙන Network and Internet කියන එක Double ක්ලික් කරල ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) 



 

3. ) ඒ ආපු Option වල මුලින්ම තියෙන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )

4. ) දැන් ඒ ආපු එකේ පහලින් තියෙන Change your networking settings කියන එක යටතේ , 1ට තියෙන Set up a new connection or network කියන එක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )



5. ) දැන් , Open වුන Dialog Box එකේ 3යට තියේන Connect to a workplace කියන එක Double ක්ලික් කරන්න.
එහමත් නැත්නම් 2යට තියෙන Connect to a workplace කියන එක Select කරල , Next එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )




6. ) දැන් ආපු Option වල මුලින්ම තියෙන No, create a new connection කියන එකට Tic එකක් දාලා , Next එක ක්ලික් කරන්න.


7. ) දැන් ආපු එකේ මුලින්ම තියේන Use my Internet connection (VPN) කියන එක Double ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )




8. ) දැන් ආපු එකේ මුලින්ම තියෙන Internet address කියන එක ඉස්සරහ තියෙන හිස් කොටුවට VPN Address එක දෙන්න.

ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් මේක , Copy කරන් ගිහින් එතනට Paste කරන්න. - uspptp.hotfreevpn.com

ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් මේක , Copy කරන් ගිහින් එතනට Paste කරන්න. - ukvpn.ufreevpn.com

( පහල පින්තුරේ පෙන්වා ඇත. )







9. ) දැන් , අපු එකේ මුලින්ම තියෙන කොටු 2ට ඔබ භාවිතා කරපු රටට අදාල VPN එකේ User name හා Password එක දෙන්න.

ඔබ , ඇමරිකන් VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - free
Password - 1234 ( මේ පහල තියෙන සැලකිය යුතුයි. සටහන අනිවාරෙන්ම බලන්න. )

ඔබ , එංගලන්තය VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - ufreevpn.com
Password - free  සැලකිය යුතුයි. මේ පහල තියෙන සටහන අනිවාරේන්ම බලන්න. )

සැලකිය යුතුයි - ඔබ ඇමරිකාවෙන් අන්තර්ජාලයට පිවිසුන කෙනෙක් විධියට අන්තර්ජාලයට සම්බන්ධ විමට ගන්න VPN වල User Name නම් දැනට නිරන්තරව වෙනස් වෙන්නේ නැ.
ඒත් , American VPN වලට අදාල Password නම් නිරන්තරව වෙනස් වෙනවා. ඒ නිසා , ඔබේ පරිගණකය Off , Restart කරාට පසු , VPN එක Auto Disable වෙනවා. එවිට අපි කියු පරිදි නැවත Connect කරගන්න ඕන. ඒ වගේම , ඔබ විසින්ම Disable කරාට පසුත් නැවත Connect කරන්න ඕන.
නමුත් , මෙවැනි නැවත Connect කරන අවස්ථාවකදි , ඔබට Connect කරගන්න බැරි වුනොත් බය වෙන්න එපා.
එහම වෙන්නේ , ඔබේ VPN එකට අදාල Password එක වෙනස් වුන නිසයි. ඒ නිසා , මෙවන් දේයක් වුනාම , ටයිප් කරන්න ඕන අලුත් Password එක දැන ගැනිමට අපේ මේ පොස්ට් එකට එන්න , එවිට අලුත් Server Address , User Name , Password දැන ගන්න මේ පහල Link එකෙන් යන්න. මේ Link එකට ගියාම , Open වෙන පිටුවේ වම් පස පහලට වෙන්න ඔබේ අලුත් Password එක දැක ගන්න පුලුවන්. අන්න ඒ අලුත් Password එක දිල Connect වෙන්න. එතකොට හරි.



* මම දැනට සැලකිය යුතු කාලයක ඉදන් England VPN එක භාවිතා කරනවා. නමුත් , තමව නම් Server Address , User Name , Password එකේ වෙනස් වෙලා නැ. නමුත් , කොයි මොහතක හරි England VPN එකට Connect වෙන්න බැරි වුනොත් , අපේ මේ පොස්ට් එකට එන්න , එවිට අලුත් Server Address , User Name , Password දැන ගන්න මේ පහල Link එකේන් යන්න. මේ Link එකට ගියාම , Open වෙන පිටුවේ පොඩ්ඩක් පහලට වෙන්න දකුණු පස ඔබේ අලුත් Password එක දැක ගන්න පුලුවන්. අන්න ඒ අලුත් Password එක දිල Connect වෙන්න. එතකොට හරි.


( පහල පින්තුරේ User Name , Password ටයිප් කරන තැන පෙන්වා ඇත. )

10. ) දැන් ඔබ මුලින්ම අන්තර්ජාලය පිවිසෙන විටම ඔබ ඒ VPN එක භාවිතා කරල කිසිදු ආකාරයක නිතිවිරෝධි ක්‍රියාවක් නොකරන බවට එකග විමට සිදු වෙනවා. එකග වෙන්නේ නැතුව නම් ඔබට ඒ VPN එක භාවිතා කරන්න බැ.

එකග විමට I Agree කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාව කෙළින්ම ඒ VPN එක අයිති රටට අදාල වෙබ් සයිට් එකට යාවි.
ඒක ගනන් ගන්නේ නැතුව ඊට පස්සේ ඔබ සුපුරුදු පරිදි ඔබේ අන්තර්ජාල වැඩ කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


* ඒ වගේම අර මුලින් වගේ My IP සයිට් එකට මෙතනින් ගිහින් ඔබේ IP එක ඇත්තටම ඇමරිකන් හෝ එංගලන්ත එකක් ලෙස වෙනස් වෙලා තියෙනවද කියලත් බලන්න.
දැන් ඔබටම තේරෙන්න ඇති කලින් , What Is My IP , Site එකෙන් පෙන්නුවේ ශ්‍රී ලංකාවේ විස්තර ඒත් දැන් පෙන්වන්නේ ඔබ භවිතා කරපු VPN එකට අදාල රටේ විස්තර.
* ඒ වගේම ඒ VPN එක භාවිතා කිරිම නවතා නැවත ශ්‍රී ලංකීය අන්තර්ජාලයට පිවිසිමට අවශ්‍ය නම් මේ පහල කියල තියේන විදියට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියේන Network and Internet කියන එක Double ක්ලික් කරල ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )
3. ) ඒ ආපු Option වල මුලින්ම තියෙන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


4. ) ඒ ආපු එකේ මැද හරියේ තියේන View your active networks කියන එක එක යටතේ 2යට තියේන VPN Connection 12 කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )









5. ) දැන් ආපු Dialog Box එකේ Disconnect කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )





* මෙතනින් , එහාට ඔබ ඒ VPN එක භාවිතා කරන්නේ නැ.
අයේත් , ඔබට ඇමරිකන් හෝ එංගලන්ත VPN එකක් භාවිතා කිරිමට අවශ්‍ය නම් , මේ උඩින් කියල තියන විධියටම කරන්න.

* අනිවරේන්ම , මේ පොස්ට් එකේ කියල නැති මුකුත්ම කරන්න නම් එපා.

* ඒ වගේම , ඔබේ පරිගණකය Restart කරන විට හෝ Shutdown කරන විට , මේ VPN , AutoDisconnect වෙනවා.
ඔබේ පරිගණකය Restart කිරිමට හෝ Shutdown කිරිමට කලින්ම , මේ VPN අනිවාරේන්ම , මේ උඩින් කියල තියෙන විධියට , ඔබ විසින්ම Disconnect කරල , ඊට පස්සේ කරන දෙයක් කරන්න.

* ඔබ SLT , WiFi , Dongle හෝ වෙන මොන ක්‍රමයක් භාවිතා කරල අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , මේ පොස්ට් එකේ කියල තියේන විධියට VPN එකක් භාවිතා කරලා , ඔබේ IP Address එක ඇමරිකන් හෝ එංගලන්ත එකක් විධියට වෙනස් කරගන්න පුලුවන්.

හරි , මේ විධියට ඔබ ශ්‍රී ලංකාවේ කොහෙන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ පෙන්වන්නේ මෙහෙම තමයි.

ඔන්න , දැන් ඉතින් ඒ වැඩෙත් හරි.
ඕන්න , ඔහොම තමයි ඇමරිකන් හෝ එංගලන්ත විධියට අන්තර්ජාලයට පිවිසිල , තමන්ගේ වැඩ කරගන්නේ.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න. 


සැ.යු මෙය අපගේ මහ පාර ෆේස් බුක් පේජ් එකෙහි සාමාජිකයෙකු විසින් ලබා දුන් අතර මෙම ලිපිය පිලිබදව හෝ Ip address වෙනස් කරමින් ඔබ කරනා නීති විරෝදී වැඩ සම්බන්දයෙන් කිසිවිටෙකත් අප විසින් වගකියනු නොලැබේ.


තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


2 comments:

  1. Thanks for the article, I prefer ivacy as its the best USA VPN available in the market.

    ReplyDelete
  2. The best VPN for Uk is ivacy i am using it for a year now and its working fine..
    UK VPN

    ReplyDelete