Friday, December 11, 2015

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න.

ගොවියාගේ අතමිට සරුකරන බුලත් වගාවක් ඔබත් අරඹන්න.




ප්‍රධානව වගා කරන ප්‍රදේශ


අපනයනය සඳහා කුරුණෑගල ,ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කද තෙත්  සහ අතරමැදි කලාපවල මෙන්ම වියළිකලාපයේද වගාකරන අතර ගෙවතු ආශ්‍රිතව ද වගාකළ හැකි හොඳ ආර්ථික භෝගයකි.

වගාව ආරම්භ කළ යුතු කාලය-


වර්ෂා කාලය අවසානයේ නිරෝගී වගාවකින් ලබාගත් බුලත් දඬු සිටුවීම හෝ බඳුන් කළ පැළ සිටුවීම සුදුසු වේ.

සිටුවන ක්‍රමය හා පරතර-


පාත්ති ක්‍රමයට සිටුවිමේදී පළල අඩි 4 සහ දිග අඩි 25 පාත්තිවල හෝ අඩි 6X6 පරතරයට සිටුවා ආධාරක කණුවලට සිටුවීම.

පාත්තියේ සිටුවීම-


පැළ අතර අඩි 1ක් සහ පේළි අතර අඩි 1ක් සිටින සේ සිටුවිම.

දඬු කැබලි පැළ අවශ්‍යතාවය -

අඩි 4X 25 පාත්තියකට බුලත් දඬු 100 පමණ අවශ්‍ය වේ.

ආධාරක සිටුවීම සහ පන්දලම් බැඳීම

සති 4 – 6 අතර පමණ ගතවූ අඩි 7ක් පමණ උස කැලෑ ලී හෝ කිතුල් රීප්ප අඩියක් ගැඹුරින් බුලත් දඬු දෙකකට මැදිවන සේ සිටුවීම.





 පොහොර යෙදීම-


ඉනි 100ක වගාවක් සඳහා සති 3කට වරක්

රසායනික පොහොර


  • යුරියා                                          ග්‍රෑම් 195
  • ත්‍රිත්ව සුපර් පොස්පේට්               ග්‍රෑම්65
  • මියුරියේට් ඔෆ් පොටෑෂ්               ග්‍රෑම්100
  • කීසරයිට්                                     ග්‍රෑම්60



කාබනික  පොහොර-


දිරෑ ගොම පොහොර අඟල් 4ක තට්ටුවක්  මාස 2කට වරක් යෙදීම සහ කොළ පොහොර යොදන්න.

අස්වැන්න-


මාස 4සිට කොළ නෙලීමට හැකිවෙයි. වයස අවු.1-5 දක්වා ආධාරකයකින් (එක් ඉන්නකින් / කොවුලකින් බුලත් කොළ 150-350 ක අස්වැන්නක් ලබා ගත හැකිය.



ඉනි 100 ක බුලත් වගාවකින් ලබාගත හැකි අස්වැන්න

වරකට කොළ 6000-8000 ක් පමණ
බුලත් සඳහා ගොවිපල මිල-රු1.50(කොළයකට)
බුලත් කොල 8000 ක ආදායම රු.12000
වසරකට 24 වතාවක් අස්වනු නෙලීමෙන් ලැබෙන ආදායම රු28,800

බුලත් වගාවේඉනි 100කට දළ නිෂ්පාදන වියදම( පවුලේ ශ්‍රමය යොදාගත් විට)වගාවේ පළමු සහ දෙවන වසර සඳහා රු4,350)

තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....



2 comments: