Sunday, May 31, 2015

අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ( Alexander graham bell )


අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ( Alexander graham bell ) (ක්‍රි.ව 1847-1922)

            අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් 1847-03-03 වන දින ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි උපත ලැබීය. අැලෙක්සැන්ඩෙර් බාල වියේදී අධ්‍යාපනය ලැබුවේ තම සීයා, පියා සහ ඔවුන් දෙදෙනාගේම මිත්‍රයන් වූ ගුරුවරුන්ෙගනි. එය නිවසේදී ලද අධ්‍යාපනයකි. ඉන් පසු නුදුරු පාසලක අධ්‍යාපනය ලැබ එඩින්බරෝ නුවර  උසස් පෙළ පාසලකට අැතුලු විය. ඊලගට ඔහු අධ්‍යාපනය ලැබුවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනි. ප්‍රතම උපාධිය එම අායතනයෙන් ලැබූ ඔහු ජර්මනියේ වුර්ස්බර්ග් (Wursborge) විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් දිනා ගති. එයින් අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ගේ speed and sound පිළිබදව උනන්දුව විදිමත් විදුහුරැ මගකට යොමු මූ බව පෙනේ. ඔහු සංගීතය (Music) හා වාග් ව්‍යවහාරය (Linguistics) පිළිබදව ගුරුවරයෙකු ලෙස සේවය කරමින් ශ්‍රවය අාබාධිත අයගේ යහපත උදෙසා විවිධ පර්යේෂන කරන්නට පටන් ගත්තාය.
            මිනිස් ශබ්දය කනට අැසෙන මානයෙන් අෑතට යැවිය හැකිද
යන ප්‍රශ්නය කෙරෙහි සිත යොමු කල ඔහු එ් සදහා ශබ්දය, එහි තරංග වල ගමන, මිනිස් කන අාදිය පිළිබදව ඉතා පුළුල් අධ්‍යයන සිදු කළේය. එ් සදහා පර්යේෂණාගාරයක් පිහිටුවාගත් ඔහු තම මිතුරකු වූ වොටිසන් සමග එහි විවිධාකාර පර්යේෂණ කරන්නට විය. බැටරි, වයර්, තඹ තහඩු හා රූප සටහන් අාදියෙන් පිරුණු එම විද්‍යාගාරය තුලදී දිනක් ඔහුට හදිසි අනතුරක් සිදු විය. “Mr. Watson Please do come here. I want you” යනුවෙන් ඔහු මුවින් අාධාර ඉල්ලා පිටවූ වදන් රිසිවරයක් (Receiver) අතැතිව අෑත තැනක සිටි වොටිසන්ට අැසුණි. ඔහු වහා අැලෙක්සැන්ඩර් සිටි තැනට දිව අාවේ “Mr.Bell I clearly heared what you said” කියමිනි. ලොව ප්‍රථම දුරකථන පණිවුඩය එසේ අහම්බෙන් යවනු ලැබිණ.
            අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් විසින් නිපදවන ලද දුරකථනය ඉතා ශීඝ්‍රයෙන් වැඩිදියුනු වීය. අද එය ලෝකයේ කවර තැනකට වුව කථා කළ හැකි, අතේ ගෙන යා හැකි අෑත අභ්‍යවකාශයේ සිට පෘතුවිය අැමතිය හැකි, දුරකථනයෙන් අමතන අය එහි වූ තිරයක දැකිය හැකි දුරකථන අාදිය දක්වා අතිශයින් දියුණුව අැත.
            ටෙලිෆෝනය නිපදවීමෙන් මහා ධනවතෙකු වූ බෙල් මහතා එම මුදල් වලින් ලොකු කොටසක් අවශ්‍යතාවයෙන් පෙළෙන දිළිදු හා අාබාදිත ජනතාව වෙනුවෙන් කැප කළේය. ඔහු විසින් පිහිටුවන ලද “ American Institute for The Education of The Deaf ” එ් සේවයේ අගනා සිහිවටනයකි.
            ජීවිතයේ සැදෑ සමයට එළබෙමින් සිටි බෙල්ට ධනය, කීර්තිය, පිළිගැනීම, ගරු බුහුමන් යනාදි කිසිවකින් අඩුවක් නොවීය. ඔහු අරුචි වූ එකම දෙය නිතර නිතර ටෙලිෆෝනයෙන් අැමතුම් ලැබීම පමනි. බොහෝ විද්‍යා ශාස්ත්‍ර අායතන  ඔහුට තනතුරැ හා ගෞරව උපාදි පිරිනැමූහ. තම අභාවය සිදුවීමට මද කලකට පෙර  ස්කොට්ලන්තයේ සිය උපන් ගම වූ එඩින්බරෝ වෙත ගිය බෙල් එහි මහත් හරසරින් පිළිගනු ලැබිණ.
            ඊසාන දිග කැනඩාවේ, නේවාස්කෝෂියා නම් රමණීය නිස්කලංක වෙරළාසන්න ප්‍රදේශයේ සුළු නුවරක පදිංචිව උන් අැලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් නම් මේ යුග පුරුෂයා 1922-08-02 දින දී අභාවප්‍රාප්ත විය.




No comments:

Post a Comment