Sunday, May 31, 2015

ශ්‍රී ලංකාවේ අාදි වාසීන්

ශ්‍රී ලංකාවේ අාදි වාසීන්



ග්‍රී ලංකාවේ වැද්දන් ලෙස හදුන්වනු ලබන මෙම අාදි වාසීන්ගේ අාරම්භය කෙසේ, කවදා සිදුවී අැත්දැයි නිශ්චිතවම සදහන් කිරීමට අපහසුය. කෙසේ නමුත් මේ පිලිබදව විවිධ මත ඉදිරිපත් වී අැත.
            වර්ථමානය වන විට වැඩි වශයෙන්ම පිලිගැනීමට ලක් වී අැති මතයක් වනුයේ විජය කුමාරයා ලංකාවට පැමිණ, එවකට යක්ෂ ගෝත්‍රයේ නායිකාවක්ව සිටි කුවේණිය සමග විවාහ වීමෙන් පසු , ඔවුනට ඉපදුණු දරු දෙදෙනාගේ (ජීවහත්ත සහ දිසාලා) පරපුරෙන් වැදි පරපුර අාරම්භවූ බවයි. වැද්දන් පහසුවෙන් හදුනාගත හැකි මූලික ලක්ෂණ කිහිපයකින් යුක්තය.
            සිහින් මිටි ශරීර වලින් යුක්ත වන මොවුන් කළු පාටය. උපන්දා සිට මියයන තෙක්ම හිසට පනාවක් නොතබන මොවුන්ගේ හිස කෙස් කළු පැහැයෙන් යුක්ත වන අතර බොකුටුය. විවෘතව පවතින පුළුල් අැස් අැත. දිගැටි සහ කුඩා නිය අැත. තොල් සිහින් වන අතර සිරුරේ රෝම අඩුය. මොවුන් ඉතා ලජ්ජාශීලී කුලෑටි ගතියක් දක්වයි.
ඉතා උස් හඩින් නැවතීමක් නැතිව කතා කරගෙන යාම වැද්දන්ගේ සිරිතක් වන නමුත් අමුත්තන් ඉදිරියේ නිසොල්මන්ව සිටී. කුල මානය හා කුල සිරිත් රැකීම ඉතා උසස් කොට සලකන වැදිදෝ තම ජීවිතයටත් වඩා වරිග සිරිත් වලට ගරු කරති. මොවුන් පැරණි ගති සිරිත් අාරක්ෂා කරගනිමින් වරිගේ රැක ගැනීමට මහත් උත්සාහයක් දරති.
            එකල ලක්දිව, ගම් වැද්දන්, ගස් වැද්දන්, ගල් වැද්දන් හා නිරි  වැද්දන් යනුවෙන් වැද්දන් වර්ග හතරක් විසූහ.

            ගම් අාශ්‍රිතව අතු පැල්පත් සාදා ගෙන දිවි ගෙවූවන් ගම් වැද්දන් වන අතර ගස් වැද්දන් ලෙස හදුන්වනුයේ විශාල ගස් මත මැහි සාදා ගෙන ජීවත් වූ වැද්දන්ය. එමෙන්ම ගල් ලෙන් හෝ ගල් රුප්පා තුල ජීවත් වූවන් ගල් වැද්දන්ය. විලි වසා ගැනීම උදෙසා අතු, කොළ, ගස් පොතු අාදිය අැන්දවුන් සහ කිසිවක් නොමැතිව නිරුවතින් සිටි වැද්දන් නිරි වැදිදන්ය. මෙයින් ගස් වැද්දන්, ගල් වැද්දන් හා නිරි වැද්දන් වනයෙන් පිටතට නොඑති. එනම් ඔවුන් ගම් දනව් කරා පැමිනීමට බියක් දක්වයි.
            වැදි රැහේ කිසිවෙකු හෝ මිය ගිය විට ලග සිටීමටමත් බියක් දක්වන වැද්දන් වහාම ගල් ගෙය තුල මිණිය තිබියදී මිණිය කොළ අතු වලින් වසා ගල් දොරට ගල් හරස් කොට පිටවී යයි. මිය ගිය කෙනාගේ අාත්මය තමාට අාරූඩ වේ යැයි බියක් දක්වන මොවුන් බොහෝ විට මිය යාමටත් පෙර මෙසේ කරනු ලබයි.
වර්තමානය වන විට ගම් දනවු කරා එ්මට පුරුදු වූ වැද්දන් පාසල් අධ්‍යාපනයද ලබති. අදවන විට ග්‍රී ලංකාවේ අැති වැදි පවුල් සංඛ්‍යාව අාසන්න වශයෙන් 78 කි. වර්තමාන වැදි රැහේ නායකයා වන්නේ උෟරුවරිගේ වන්නිලැත්තෝය.
යකුන් දෙවියන් අැදහීමට මුල් තැන දෙනු ලබන වැද්දන් මන්තර ගුරුකම්ද නොදන්නවා නොවේ. මොවුන් සිදුකරනු ලබන ශාන්ති කර්ම කිහිපයක්ද පවතී.



වැදි බස
අම්මා               - අම්මිලැත්තෝ
තාත්තා             - අප්පිලැත්තෝ
මාමා                - මාමි ලැත්තෝ
අයියා               - අයියැලැත්තෝ
දරුවා               - කැකුලා
දැරිය                - කැකුළී
ළදරුවා             - ගොරකා

ළදැරිය             - ගොරකී
කොල්ලා       - පැටා
කෙල්ල                        - පැටී
ලොකු වැද්දා  - මහ හූරා
ඊ තලය             - මානංකූර
දුන්න                - මෝරියන් කැච්ච
මුවා                  - කබරයා
ගම                   - ගම් පොජ්ජ
කතාව              - කතා පොජ්ජ
පුවක්                - කහට ගෙඩි
අලියා               - බොට කදා
දුම්කොල       - වේවාලං
යනවා              - මංගච්චනවා
ගියා                 - මංගැච්චුවා
වතුර                 - ගැඹුල
මල                   - මල් පොජ්ජ
කවුද?               - මොකී









No comments:

Post a Comment