Tuesday, September 14, 2021

ශරීර සෞඛ්‍යයට හොද අපි කරන ජරා වැඩ 8ක්

ශරීර සෞඛ්‍යයට හොද අපි කරන ජරා වැඩ 8ක් 

අපි විවිද වෙලාවල්වලට එක එක ආකාරයේ හිරිකිත වැඩ කරනවා. මේවා අපි හිතලා කරන දේවල් වගේම පුරුද්දක් විදිහට ඉබේම කෙරෙන දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා අපිම කරන නිසා ඒ පිලිබදව හිරිකිතක් නොහිතුනත් ඒ ක්‍රියාව දිහා බලාගෙන ඉන්න තවත් කෙනෙකුට තමන්ගේ ආහාරවේල පවා ප්‍රතික්ෂේප කිරීමට තරම් පිලිකුලක් හෝ අප්පිරියාවක් ඇතිවෙන්න පුළුවන්. සමහරවිට ඔයාටත් ඒ වගේ අත්දැකීම් ඇති. ඒ කොහොම උනත් වර්ථමානය වෙද්දි හොයාගෙන තියෙනවා මේ හිරිකිත වැඩ වලින් අපේ ශරීරයට යහපත් දෙයක් මිසක් අයහපත් දෙයක් වෙන්නේ නෑ කියලා. පුදුමයි නේද? ඔව් ඒත් ඒක ඇත්ත. අද අපි කියන්නේ ඒවගේ ජරා පුරුදු 8ක් ගැන. ඔයාට මේක කියවන්න කම්මැලිනම් මේ ගැන අපි කතාකරපු වීඩියෝ එක පහලින් බලන්නත් පුළුවත්. 

 

 


8. ස්නානය කරන විට මුත්‍රා කිරීම.

අපි මුලින්ම කියන්නේ ස්නානය කරන විට මුත්‍රා කිරීම ගැන. ඇත්තටම නානගමන් මුත්‍රා කරනවද කියලා ඇහුවොත් ඔයා එකපාරම ඒක පිලිගන්න කැමැත්තක් දක්වන්නේ නෑ. හැබැයි අපි හැම දෙනාම අපේ ජීවිත කාලය ඇතුලෙදි එකම එක වතාවක් හරි මේ වැඩේ කරලා තියෙනවා. ග්ලැමර් කියලා සගරාවක් විසින් කාන්තාවන් දහසක් යොදාගෙන එක්තරා දවසකදි පුංචිම පුංචි සමීක්ෂනයක් කලා. ඒ සමීක්ෂනයෙදි 75%ක් කාන්තාවන් කියලා තිබුනා ඔව්න් ජීවිත කාලය ඇතුලෙදි අඩුම තරමේ එකම එක වතාවක් වත් නානගමන් චූ කරලා තියෙනවා කියලා. ඉතිං ඇත්තටම මෙහෙම කරනවනම් ඒක අපි ලැජ්ජා වෙන්න ඔ්න කාරනයක් නෙමෙයි. මොකද විවිද වාර්ථාවල සදහන්වෙන විදිහට මේක ඇත්තටම ශරීරයට හොද දෙයක්. මුත්‍රාවල තියෙන යූරික් අම්ලය සහ ඇමෝනියා නිසා කකුල්වල ඇගිලි අතර හටගන්න දීලීර වර්දනයවීම වැලැක්වීමට මෙම ක්‍රියාව හේතු වෙනවා. හැබැයි මේ කිව්වේ ෂවර් එකකින් නාන එක ගැන මිසක් පිහිනුම් තටාකවල නාන එක ගැන නම් නෙමෙයි.

 

7. කෙල ගැසීම

ඊලගට අපි බලමු කෙල ගැසීම ගැන. කව්රුහරි පාරක හෝ වෙන කොහේ හරි තැනක කෙලගහනවනම් ඒක දකින්න ඉතාමත්ම අප්‍රසන්න දෙයක්. හැබැයි ඒ කොහොම උනත් මේ කෙලගැසීම අපේ ශරීරයට හොදය් කියලා මම කිව්වොත් සමහරවිට ඔයා පිලිගන්න එකක් නෑ.  හරි, ඔයා පිලිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. විශේෂයෙන්ම අපි ව්‍යායාම කරන වෙලාවට හරි මහන්සිවෙලා වැඩකරන වෙලාවට හරි කටින් හුස්ම ගන්න නිසා අපේ කටට කෙල වැඩිපුර එකතුවෙද්දි කෙලගහන එකෙන් හුස්ම ගැනීමේ පහසුවක් ඇති වෙනවා කියලා කියනවා. ඒත් පොදු ස්ථාන වලදි කෙල ගහන එකනම් නරක පුරුද්දක් කියන එකත් අමතක කරන්න එපා.

6. චුවින්ගම් කෑම

දැන් මම කියන්නේ චුවින්ගම් කෑම ගැන. හරක් වගේ හැමතිස්සෙම හප හපා ඉන්නවා හරිකිතේ බෑ කියලා ඔයත් එකම එක දවසක් හරි අහලා ඇති. විශේෂයෙන්ම ඉස්කෝලේ ගුරුවරු නිතරම වගේ ලමයින්ට කියන දෙයක් තමයි චුවින්ගම් කන්න එපා කියන එක. හැබැයි වර්ථමානය වෙද්දි විවිද පර්යේෂන වලින් හෙලිවෙලා තියෙනවා චුවින්ගම් හපන එක ශරීරයට හොදයි කියලා.  සෙන් ලෝරන්ස් කියන විශ්වවිද්‍යාලක් මගින් කරපු පර්යේෂනයකට අනුව ඔව්න් හොයාගෙන තියෙනවා පාඩම් කටයුතු කරන්න වගේම විවිද විභාග ආදියේදී සිතීමටත් කැෆේන් වලට වඩා චුවින්ගම් හපන එක උදව් වෙනවා කියලා. ඒවගේම ආතතියෙන් මිදෙන්නත් හෝමෝන ක්‍රියාකාරිත්වය සමබර වීමටත් මේක වැදගත් වෙනවා කියලා කියනවා.

 

5. අධෝවාත පිටකිරීම

ඊලගට මම කියන්නේ අධෝවාත පිටකිරීමගැන. මේ අධෝවාත පිටකිරීම එහෙම නැත්තං අපි හොදටම දන්න භාෂාවෙන් කියනවනම් පඩ අරින එක පුරුද්දක් කියලානම් කියන්න අමාරුයි. මොකද ඇත්තටම ඒක ශරීර අවශ්‍යතාවයක් නිසා. හැබැයි ඉන්නේ කොහෙද කියලාවත් බලන්නේ නැතුව සද්දෙට පඩ අරින එක පුරුද්දක් කරගත්ත යාළුවොත් අපි අතර ඉන්නවා කියලා අමතක කරන්න බෑ. ඇත්තටම ඔයා හරියට නොදැන හිටියත් මේ අධෝවාත පිටකිරීම කියන්නේ අපේ ශරීරයට අතවශ්‍යම දෙයක්. සෑම මනුස්සයෙකුටම ආසන්න වශයෙන් දවසකට 14 වතාවක් වගේම නිදා ඉන්න වෙලාවට තුන් පාරක් හෝ පස් පාරක් මෙහෙම වායු පිටකිරීමේ අවශ්‍යතාවයක් එනවා. අපි හැම දෙනාම ආහාර අරගෙන පැය 6කට පස්සේ අපේ ආහාර ජීර්න පද්දතියෙන් කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් කියන වායූන් නිපදවෙන නිසා අ‌ධෝවාත පිටකිරීමකින් මේ වායූන් අපේ ශරීරයෙන් ඉවත් කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා මේක හිරකරගෙන සිටීමෙන් බඩ අනවශය ලෙස පුරෝදාලා වේදනාවක් ඇති වෙන්න පුළුවන්.

 

4. ගුඩුස් ඇරීම

එතකොට ගුඩුස් යැවීම ගැන මොකද හිතන්නේ. ඇත්තටම ගුඩුස් යැවීමනම් අපි හැමෝම නිතරම වගේ කරන දෙයක්. සමහරු ගුඩුස් එකක් යන්න ආවම ඒක අමාරුවෙන් ගිලගෙන ඉන්නවා. තවත් සමහරු අතින් කට වහගෙන ගුඩුස් එක ඇරලා සොරි කියලා කියනවා. මේ කොහොම උනත් සෙනග ගොඩක් ඉන්න තැනක සද්දෙට ගුඩුස් යවනවනම් ඒකත් තරමක් අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. හැබැයි වාර්ෂිකව ලෝකේ දිගම ගුඩුස් එක තෝරන තරග තියලා සම්මාන වගේම තෑගිත් දෙන ලෝකයක් තමයි මේ ලෝකය. සාමානයෙන් ගුඩුස් පිටකරන එක අපේ බඩේ වායුමය පීඩනය සමනය කරගන්න ලොකු උදව්වක් වෙනවා. අපි ආහාර ගද්දි බඩට එකතුවෙන වායුවෙන් සිදුවෙන අපහසුතාවය ගුඩුස් පිටකිරීමෙන් අඩුකරගන්න පුළුවන්. හැබැයි ඔයා අසාමානය විදිහට ගුඩුස් පිටකරනවනම් ඒක හොද තත්වයක් කියලා කියන්න අමාරුයි. ඒක නිසා ඒවගේ තත්වයකදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාරයෙන්ම කරන්න ඔ්න දෙයක්.

 

  3. නියපොතු කෑම

ඊලගට මම කියන්න යන්නේ නියපොතු කෑම ගැන. නියපොතු කෑම කියන්නෙත් අපිට පොදුවේ දකින්න පුළුවන් පුරුද්දක්. අශිෂ්ඨ සහ පිලිකුල් සහගත දෙයක් කියලා වැඩිහිටියන්ගෙන් නිතරම බැනුම් ඇහුවත් මේ නියපොතු කෑම හොද පුරුද්දක් විදිහටයි සලකන්නේ. පුද්ගලයන් ආතතියෙන් ඉන්න වෙලාවට ඒ ආතතිය නියපොතු කෑම මගින් අඩුවෙනවා කියලා හොයාගෙන තියෙනවා. මීට අමතරව අපි නියපොතු කද්දි ඒ සමගම නියපොතු යට රැදිලා තියෙන බැක්ටීරියා විශේෂත් අපේ ශරීරයට ඇතුල්වෙන නිසා ඒ බැක්ටිරීයා වලට විරුද්දව සටන් කරන්න අවශය සුදු රුදිරානු නිපදවීමක් සිදුවෙනවා. මෙහෙම අලුතින් ශරීරයට එන ඔක්කොම බැක්ටීරියා සුදුරුදිරානු මතකයේ තියා ගන්න නිසා ඉදිරියට ඒවගේ බැක්ටිරියාවක් ශරීරයට ඇතුලු උනොත් ඒ සදහා සටන් කරන්න ඔ්නේ කරන ප්‍රතිශක්තිය දැනටම නිර්මානය වෙලා තියෙන නිසා ශරීරයට සිද්දවෙන්න පුළුවන් බලපෑම ගොඩක්ම අවම වෙනවා. ඒවගේම තමයි මෙවැනි පුද්ගලයන් ආසාද්මිකතාවයන්ට ගොදුරුවීමේ සම්පාවිතාමත් ඉතාමත් අඩු මට්ටමක පවතිනවා කියලා විවිද පර්යේෂන වලින් හෙලිවෙලා තියෙනවා.

 

2. නාසය හෑරීම සහ හොටු කෑම ගැන ඔයාගේ අදහස මොකක්ද?

මම අද මේ වීඩියෝ එකෙන් කතාකරන ජරාම පුරුද්ද මේක කියලා ඔයා කියනවනම් කිසිම තර්කයක් නෑ මමත් ඒකට එකග වෙනවා. මොකද නාසය හෑරීම කෙසේ වෙතත් හොටු කනවා කියන එකනම් හරිම අප්‍රසන්න දෙයක්. හැබැයි හාවර්ඩ් ඇතුළු විශ්වවිදයාලවල විද්‍යාඥයන් පිරිසක් විසින් කරලා ක්ෂුද්‍රජීව විද්‍යාව පිලිබදව ඇමෙරිකානු සංගමය විසින් ප්‍රකාශයට පත්කරපු අධ්‍යනයකට අනුව හොටු කෑම ශරීරයට හිතකරයි කියලා කියනවා. මම කලින් නියපොතු කන ඒකේදි කිව්වා වගේම මේ හොටුවලත් තියෙන බැක්ටීරියා අපේ ප්‍රතිශක්තිකරන පද්දතිය ශක්තිමත් වෙන්න උදව් කරනවා. ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්වුන ස්කොට් නැපර් කියලා තියෙනවා ඔබට හොටුකන්න ආසාවක් තියෙනවානම් තවත් ඒ ගැන බල බල ඉන්න එපා කියලා.

 

1.    1. නාන්නේ නැතුව සිටීම 

අපි අන්තිම නරක පුරුද්ද විදිහට කතාකරන්න යන්නේ නාන්නේ නැතුව ඉන්න එක ගැන.

ඇත්තටම අපිට නාන්නේ නැතුව දවසක් ඉන්නවා කියන එකත් හරිම අමාරු දෙයක්. හැබැයි විවිධ පර්යේෂකයන් කියන විදිහට දිනපතාම නානවා කියන එක ශරීරයට එතරම්ම හොද දෙයක් නෙමෙයි. ඔව්න් කියන විදිහට කිසිම සබන් වර්ගයක් නොගෑවත් මද හෝ උනුසුම් ජලයට පුළුවන්ලු අපේ ශරීයට හිතකර බැක්ටීරියා මිලියන ගනනක් විනාශ කරන්න වගේම අපේ සම මතුපිට හටගන්නා ස්වාභාවික තෙල් තට්ටුවත් විනාශ කරලා දාන්න. ඉතින් මේ හේතු නිසා අපේ සම වියලී සම වයසට යාම වගේම හිස් කබල වියලී හිසේ කැක්කුමත් ඇති වෙන්න පුළුවන්.

 

ඒවගේම මේ දේත් අනිවාරයෙන්ම ඔයාගේ ඔළුවේ තියාගන්න. අපි අද කතා කලා හොටු කෑම වගේ නරක ඒත් ශරීරයට හොද පුරුදු කිහිපයක් ගැන. හැබැයි මේවා කෙතරම් හොද උනත් කරනවද නැද්ද කියන එක ගැනනම් දෙපාරක් හිතන්න. සරලවම කියනවනම් හොටු කෑම වගේ දෙයක් ඔයාගේ උදේ ආහාරය හරි දවල් ආහාරය හරි කරගන්න එපා. එහෙනම් ගිහිං එන්නම්. 

 

No comments:

Post a Comment